මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා තොගයක් සිලාවතුර අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ, 2025 ජුලි මස 29 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1285කට අධික තොගයක් සහ වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 604කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කුට්ටිදූව සහ කුඩාපාඩුව වෙරළ ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසිය අසූපහකට (1285) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02), වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් හයසිය හතරකට (604) අධික තොගයක් සහ ඖෂධ බහලුම් පෙට්ටියක් (01), 2025 ජුලි මස 29 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Jul 2025

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් බත්තලන්ගුන්ඩුව හා මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජුලි 28 වැනි දින බත්තලන්ගුන්ඩුව මුහුදු ප්‍රදේශයේ සහ මන්නාරමට උතුරෙන් වූ මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Jul 2025

දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 65 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුලි 09 සිට ජුලි 22 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් හැට පස්දෙනෙකු (65) සමඟ ඩිංගි යාත්‍රා දහසයක් (16) නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ, කෘෂි රසායනික ද්‍රව්‍ය සහ කුළුබඩු තොගයක් සමඟ සැකකරුවන් 08ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම, ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශය, සිලාවතුර සාවාරිපුරම් අරිප්පු බටහිර වෙරළ ප්‍රදේශය සහ උච්චමුනේ වෙල්ල දූපත ආශ්‍රිතව 2025 ජුලි මස 20 සිට 22 දක්වා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් තුන්සිය අනුනවයක (2399) පමණ තොගයක්, එනසාල් කිලෝ ග්‍රෑම් තිස්පහක් (35) සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් රැගත් ඩිංගි යාත්‍රා හතරක් (04) සමඟ සැකකරුවන් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

24 Jul 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජුලි මස 21 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

22 Jul 2025

නාවික හමුදාව මඟින් දෙසතියක කාලයක් තුළ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 10ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසීය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 ජුලි මස 05 වැනි දින සිට 19 වැනි දින දක්වා කාලය තුල මහනුවර කඩුගන්නාව, අලදෙණිය, දවුලගල, ගම්පහ කටුනායක, ත්‍රීකුණාමලය නිලාවේලි සහ මන්නාරම නඩුකුඩා යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයයි (10) මිලිග්‍රෑම් හතලිහක් (40), විදේශිය දුම්වැටි එකොලොස් දහස් අටසිය හැටක් (11860), ඖෂධ පෙති දෙසීය හැට හතරක් (264) සහ විදේශීය මත්පැන් බෝතල් තිස් තුනක් (33), කුස් මත්ද්‍රව්‍ය කිලෝ පහයි (05) ග්‍රෑම් හයසියයක් (600), කේරළ කංසා ග්‍රෑම් එකසිය හතරක් (104) සමඟ සැකකරුවන් දස දෙනෙකු (10) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

21 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය සහ කුළුබඩු තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2025 ජුලි මස 17 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සහ කුළුබඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) හා වල්ලම් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

21 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 750ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සේරක්කුලිය සහ පුත්තලම ගඟේවාඩිය වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2025 ජුලි මස 16 හා 17 දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය පනහක (750) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

20 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 2828 ක තොගයක් සමඟ සැකකරුවෙකු නොරොච්චෝලේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව නොරොච්චෝලේ සංජීතවත්ත ප්‍රදේශයේ 2025 ජුලි මස 19 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රුගෙන ආ බවට සැකකෙරෙන වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් දෙදහස් අටසිය විසි අටක (2828) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

20 Jul 2025