ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව තානාපති ගරු ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak) මහතා නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.
ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව තානාපති ගරු ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak) මහතා 2020 මාර්තු 11 වන දින නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි.
12 Mar 2020
ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාර්ථකව අවසන්වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් අද (2020 මාර්තු 07) උදෑසන නිමාවට පත් විය.
07 Mar 2020
නාවික හමුදාව දියත් කල අති සාර්ථක මෙහෙයුමකින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාවන් දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 (ක්‍රි.මී 1111) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද කෝටි 600කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාවන් අද (2020 මාර්තු 05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.
05 Mar 2020
කෝටි 600 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට
පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවන් යොදවා ගැඹුරු මුහුදේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මෙම මෙහෙයුම සදහා ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවන් වන ශ්‍රී ලංනානෞ සමුදුර සහ ශ්‍රී ලංනානෞ සයුරල යන නෞකාවන් මසකට ආසන්න දීර්ඝ මෙහෙයුමක යොදවන ලදි.
02 Mar 2020
‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ සාර්ථකව නිමාවට පත්වේ.
2020 පෙරවාරි 29 සහ මාර්තු 01 යන දිනයන්හි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලැබූ ‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ ජයග්රහණයන් රැසක් නාවික හමුදාව සතු කර ගනිමින් ගාලු මුවදොර වෙරළ තීරයෙහිදී සාර්ථකව අවසන් විය.
01 Mar 2020
කොළඹ වාහන තදබදය පාලනයට නාවික හමුදා විනයාරක්ෂක අංශයේ දායකත්වය
කොළඹ නගර සීමාව තුල පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විනයාරක්ෂක අංශයේ නාවිකයින් යෙදවීමට කටයුතු කර ඇත.
26 Feb 2020
සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස අද (2020 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
24 Feb 2020
ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 21) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
21 Feb 2020
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සංචාරයක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 පෙබරවාරි 19) රිඡ්වේ ආර්යා ළමා රෝහලෙහි සංචාරයක නිරත විය.
19 Feb 2020
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Sports Military – CISM) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙන්
13 Feb 2020