රුපියල් මිලියන 12500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 0930 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි.

31 Mar 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව මිහින්තලය සහ ඔයාමඩුව යන ප්‍රදේශයන්හි තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරේ.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 29 වන දින මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිවාඩු නිකේතනයන්හි නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් (02) ලෙස ස්ථාපිත කරන ලදි.

30 Mar 2020

ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ.

නව කොරෝනා වෛරසය තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළට උරදෙමින් ශ්‍රී නාවික හමුදාව 2020 මාර්තු 28 වන දින මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් (02) ස්ථාපිත කරන ලදි.

29 Mar 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි.

කොරෝනා වෛරය පැතිරීම පාලනය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් විය.

26 Mar 2020

කොළඹ ජාතික රෝහලේ සහ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයන් නාවික හමුදා දායත්වයෙන් අළුත්වැඩියා කෙරේ.

කොළඹ ජාතික රෝහලේ සහ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයන්හි අළුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් 2020 මාර්තු 22 සහ 23 වන දින සිට ආරම්භ කරන ලදි.

24 Mar 2020

තලෙයිමන්නාරමට උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 21) තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කිලෝ 147 කට ආසන්න තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික භාරයට ගන්නා ලදි .

22 Mar 2020

කොරෝනා වෛරසය මැඩලීමට රජය ගෙන යනු ලබන වැඩසටහනට අවනත නොවූ පුද්ගලයින් 20 දෙනෙක් නාවික හමුදා භාරයට.

කොරෝනා වෛරසය රට තුල පැතිරීම වළක්වාලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ 2020 මාර්තු මස 19 වන දින පස්වරු 0230 සිට පුත්තලම සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවක එය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

20 Mar 2020

ත්‍රිකූණාමලය බස්නැවතුමෙහි විෂබීජ හරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 17 වන දින ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොලෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

18 Mar 2020

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාවේ සූදානම

ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් එක්ව 2020 මාර්තු 13 වන දිනකොළඹ වරාය පරිශ්‍රයේදී ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ආදනය වූ බවට සැක සහිත පුද්ගලයෙකු නෞකා මගින් පැමිණියහොත් එම රෝගියා නෞකාවේ

14 Mar 2020

Pakistan High Commissioner Major General(Rted.) HE Muhammad Saad Khattak visits Naval Headquarters

The High Commissioner of Pakistan in Sri Lanka, Major General (Retd.) His Excellency Muhammad Saad Khattak paid an official visit to the Naval Headquarters in Colombo today (12th March 2020).

12 Mar 2020