ගැඹුරු මුහුදේදී හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන විත් ප්‍රථිකාර සඳහා යොමුකිරීමට නාවික හමුදාව කටයුතු කරයි.
බේරුවල ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු කිරීමට කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මැයි 04) කටයුතු කරන ලදී.
05 May 2020
LOLC සමූහ ව්‍යාපාරය හා ‘මනුසත් දෙරණ’ එක්ව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්යාරක්ෂිත ඇදුම් තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය තවත් සෞඛ්යාරක්ෂිත ඇදුම් තොගයක් LOLC සමූහ ව්‍යාපාරයේ දායකත්වයෙන් ‘මනුසත් දෙරණ’ වැඩසටහන යටතේ නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
30 Apr 2020
නාවික හමුදාව විසින් නිශ්පාදනය කල තවත් මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ලබා දෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබා දීමට අද (2020 අප්‍රේල් 27) කටයුතු කරන ලදි.
27 Apr 2020
මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත වෙයි.
මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය.
26 Apr 2020
ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 22 වන දින යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී මුහුදේ සිට ගොඩබිමට ඩිංගි යාත්‍රාවක් මගින් ගෙන ඒමට උත්සාහ කල ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
23 Apr 2020
නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන එයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව යොදවා ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අප්‍රේල් 15) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.
15 Apr 2020
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තවත් යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට
2020 වසරේදී පලමු කාර්තුව තුල ගැඹුරු මුහුදේ මුර සංචාරයෙහි යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර නෞකාවන් ඉතාමත් සාර්ථක ප්‍රථිපල ගෙනදෙමින් හෙරෝයින්, අයිස් සහ කෙටමයින් යන මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද එය රැගෙන එමින් සිටි මත් ද්‍රව්‍ය ඡාවාරම් කරුවන් සහ විදේශ යාත්‍රාවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
11 Apr 2020
නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සඳහා ප්‍රථිකාර ලබා දීමට හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව නිශ්පාදනය කරයි.
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවන ලද අතර,
08 Apr 2020
ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා ගමන් ගත් සුඛෝපභෝගී මගී නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයෙකු ආරක්ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදා සහාය.
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර,
06 Apr 2020
නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් අයිස් සහ කෙටමින් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අප්‍රේල් 01) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.
01 Apr 2020