රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක්

රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදහන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක් ගරු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

02 Oct 2020

නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රීලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 සැප්තැම්බර් 26 වන දින උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක් සඳහා පිටත්විය.

28 Sep 2020

සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දිවයිනෙන් පිටත් වෙයි

2020 සැප්තැම්බර් 23 වන දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් පැවැත් වූ සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව එම ජපාන නෞකාවන් 2020 සැප්තැම්බර් 24 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

25 Sep 2020

කොළඹ රාජකීය විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් වෙත බුහුමන් දක්වයි

කොළඹ, රාජකීය විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් බුහුමන් දැක්වීමේ උත්සවයක් අද (2020 සැප්තැම්බර් 18) කොළඹ රාජකීය විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විය.

18 Sep 2020

නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු ප්‍රථම වරට 2020 සැප්තැම්බර් 10 වන දින නැගෙනහිර නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත විය.

12 Sep 2020

ගින්න පාලනය කළ “New Diamond” නෞකාවේ තත්වය පරීක්‍ෂා කිරීමට විදේශීය හා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ඇතුළු වේ

පසුගිය සැප්තැම්බර් 07 වන දින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත වර්ධනය වූ MT New Diamond නෞකාවේ ගිනි ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් ආපදා කළමණාකරන කණ්ඩායම්හි සාර්ථක අඛණ්ඩ මෙහෙයුම් හමුවේ මේ වන විට මුලුමනින්ම පාලනය වී ඇත.

10 Sep 2020

MT New Diamond නෞකාවේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව

MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථක‍ ලෙස සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආපදා කළමණාකරණ කණ්ඩායම් අද දින (2020 සැප්තැම්බර් 09) සමත් විය. ඒ අනුව නෞකාව අයත් සමාගම විසින් මෙම ආපදාව මර්ධනය කිරීම සඳහා නම් කරන ලද ආයතනයේ විශේෂඥයින් තිදෙනෙකු (03) නෞකාව වෙත ආපදා තත්වයෙන් පසු ප්‍රථම වරට ගොඩවූ අතර, ඔවුන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු සිදු කර නෞකාවෙන් පිටව යන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක්ද ‍ආපදාවට පත් නෞකාවට ඇතුළු වී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තක්සේරුවක් ලබා ගැනීමට නියමිතව ඇති අතර, ඒ අනුව නෞකාවේ වර්තමාන අලාභහානිය සහ ආරක්‍ෂිත තත්වය පිළිබඳව ඉදිරියේදී ඔවුන් විසින් දැනුම් දීමට නියමිතව ඇත.

09 Sep 2020

මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ වර්ධනය වූ ගින්න ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් මෙහෙයුම් මගින් සාර්ථකව පාලනය කෙරේ

අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද (2020 සැප්තැම්බර් 09) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. එමෙන්ම මේ වන විට නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්‍ෂණය නොවන අතර, ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතී. ඒ අනුව ආපදාවට පත් නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 37ක් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර, එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වාභාවය සහ දැඩි සුළං ප්‍රවාහයද හමුවේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

09 Sep 2020

මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ නැවත වර්ධනය වූ ගින්න පාලනය කිරීම සඳහා ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති අතර, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

08 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1800 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා තවදුරටත් ආපදා කළමණාකරන මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටී. ඒ අනුව එම ගින්නේ තත්වය යම් මට්ටමකට පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇත.

08 Sep 2020