දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නවීකරණය කළ විශේෂ ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය සේවයට එක් කෙරේ
කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට අනුව කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි නාවික හමුදා තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් නවීකරණය කරන ලද විශේෂ ප්‍රතිකාර ඒකකය (High Dependency Unit) අද (2021 ජුනි 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.
26 Jun 2021
‘කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය’ වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙරේ
අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය ‘කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය’ ලෙස නම් කර නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ කොමාණ්ඩර් (මියගිය) පරාක්‍රම සමරවීර නාවික නිලධාරියාගේ දයාබර භාර්යාව වන සුදර්ශනී සමරවීර මැතිණියගේ සහභාගීත්වයෙන් අද (2021 ජුනි 23) වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙරිණි.
23 Jun 2021
රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්රිත ප්‍රදේශයේ 2021 ජුනි මස 12 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.
13 Jun 2021
ඉන්දියානු වෙරළ ආරක්ෂක ‘සමුද්‍ර ප්‍රහාරී’, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ නෞකාවන්ගේ සේවය නාවික හමුදාධිපතිගේ පැසසුමට
2021 මැයි මස 20 වන දින කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක්වූ MV X-PRESS PEARL නෞකාවේ ආපදා තත්ත්වය කලමනාකරණය කරගැනීම සඳහා අනෙකුත් පාර්ශවයන් හා එක්ව සිදුකළ විශිෂ්ඨ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍ර ප්‍රහාරී’ (ICGS Samudra Prahari ), ‘වජ්රා’ (ICGS Vajra) සහ ‘වෙබාව්’ (ICGS Vaibhav) යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සේවය ඇගයීමේ ලිපි ප්රදානය කිරීම අද දින (2021 ජුනි 10) කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කෙරිණි.
10 Jun 2021
ගං වතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක්
අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත් තුළ ඇති වි තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 32ක් නාවික හමුදාව විසින් යොදවා ඇති අතර, අද දිනයේද (2021 ජුනි 07) මෙම සහන කණ්ඩායම් අඛණ්ඩව ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටියි.
07 Jun 2021
නාවික හමුදාධිපති MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක් වූ වෙරළ තීරය නිරීක්ෂණය කරයි
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඇති වූ ගින්න මේ වන විට අඩු වෙමින් පවතී. අද (2021 මැයි 27) උදෑසන වනවිට නෞකාව මතින් දැඩි දුමාරයක් සහ අඩු ගිනි දළු ප්‍රමාණයක් නිරීක්ෂණය වෙයි.
27 May 2021
නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරිම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසරදී
දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 19) වැලිසර පිහිටි නාවික රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව සිදු කෙරුණි.
19 May 2021
දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් 08 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් 2021 වර්ෂය තුළ සංවර්ධනය කර දේශයේ ජීවනාලිය වන් වූ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ බටහිර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, ගිණිකොණ, දකුණ සහ උතුර යන නාවික විධානයන් තුළදී 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි.
21 Apr 2021
ශ්‍රී ලංකා නාවික හමුදාවට ආශිර්වාද පතා ක්‍රිස්තියානි දේව මෙහෙයක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ Christ the King Chapel දේවස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිකුණාමලය රදගුරු, ආචාර්ය ක්‍රිස්තියන් නොයෙල් එමානුවෙල් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් 2021 අප්‍රේල් 17 වන දින පැවැත්විණි.
18 Apr 2021
නාවික හමුදාධිපතිතුමන්ගේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය
සිංහල හා දමිළ අලුත් අවුරුද්දක අරුණළු උදාවන මේ හෝරාවේ සියලුම නිලධාරීන්, නාවිකයින්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුලේ සියලුම සාමාජිකයින් හට සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි මා ඇතුළු මාගේ පවුලේ සියලු දෙනා ඉත සිතින් සුභාසිංශනය කරන්නෙමු.
14 Apr 2021