‘සැපයුම් සම්මන්ත්‍රණය- 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2023 අප්‍රේල් මස 29 සහ අද දින (2023 අප්‍රේල් 30) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් සැපයුම් සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා සහභාගී විය.

‘From value chain to value network: the role of integrated logistics’ යන්න මෙවර සැපයුම් සම්මන්ත්‍රණයෙහි තේමාව වූ අතර, මෙවර සම්මන්ත්‍රණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කල කාලෝචිත පර්යේෂණ නිබන්ධන හයකින් (06) යුත් සැසි තුනකින් සමන්විත විය.

ඒ අනුව, පළමු සැසිය “Integrated Logistics as a means to overcome contemporary challenges” යන තේමාව යටතේත්, දෙවන සැසිය “The evolution of value creation in Logistics on sustainable supply network” යන තේමාව යටතේ සහ තෙවන සැසිය “Achieving supply chain visibility through digitalization & integrated logistics” යටතේත් පැවැත්විණි.

මෙම සැපයුම් සම්න්ත්‍රණයේ ප්‍රධාන දේශණය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා විසින් පවත්වන ලද අතර, සම්මන්ත්‍රණයේ විද්‍යුත් සඟරාව එළිදැක්වීමද ප්‍රධාන ආරාධිතයා විසින් සිදුකෙරිණි.

තවද, මෙම සැපයුම් සම්මන්ත්‍රණය අවසානයේ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහතිපත්‍ර ප්‍රධානය කිරීම සිදු කෙරුණු අතර, එහිදී ලුතිනන් කොමාණ්ඩර් මධුශිකා කත්‍රිආරච්චි පාඨමාළාවේ නාවික විෂයන් ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරීනිය ලෙසත්, ලුතිනන් කොමාණ්ඩර් මේනුක සමරජීව වඩාත් උනන්දුවෙන් පාඨමාලාව සිදුකළ නිලධාරියා ලෙසත් ත්‍යාග සහ කුසලාන හිමිකර ගන්නා ලදී.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, සැපයුම් හා සේවා කටයුතු නවීන තාක්‍ෂණයෙන් යුත් ස්වයංක්‍රීය පද්ධති වෙත යොමුව ඇති වකවානුවක, සැපයුම් කළමණාකරනයේ නිරවද්‍යතාවය එහි කාර්යක්‍ෂමතාවය සහ ඵලදායිතාවය කෙරෙහි විශාල බලපෑමක් සිදුකරන බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ඉතාමත් කාලීන තේමාවක් යටතේ සිදුකෙරුණු මෙවර සම්මන්ත්‍රණය සැපයුම් ක්‍ෂේත්‍රයේ කාලීන අභියෝග හඳුනාගැනීම සඳහා ඉතා වැදගත් බවත්, දිවයිනේ ප්‍රකට විශ්ව විද්‍යාල, අධ්‍යයන ආයතන හා සැපයුම් ක්‍ෂේත්‍රයේ නියුතු පාර්ශවකරුවන් ගෙන් සමංවිත විද්වත් සම්පත් දායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවැනි සම්මන්ත්‍රණ මඟින් සැපයුම් කළමණාකරනයේ ඇති කාලින අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමූහිකව විසඳුම් සෙවීමට ඉතා හොඳ අවස්ථාවක් උදාකරන බවත් පවසන ලදි.

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම යටතේ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් විසින් විද්‍යාපීඨ කාර්ය මණ්ඩලයේ සහයෝගය ද ඇතිව සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් චන්දන රත්නායක ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානය සහ එක් එක් නාවික විධාන නියෝජනය කරමින් නාවික හමුදා සැපයුම් අංශයේ ප්‍රධානීන්, යුද, ගුවන් සහ පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්, බංගලාදේශ නාවික හමුදාවේ කොමදෝරු S.M. Zamil Hossain, මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.