නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත ධූත පිරිසක් අද දින (2023 අප්‍රේල් 24) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
නයිජීරියාවේ අබූජා (Abuja) නගරයේ පිහිටි ජාතික ආරක්ෂක විද්‍යාලයේ 31 වන මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් 13 ක් හා අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත 24 දෙනෙකුගෙන් මෙම ධූත පිරිසෙහි ප්‍රධානී ලෙස එයාර් කොමදෝරු Osichinaka Chedu UBADIKE කටයුතු කරනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණි මෙම නියෝජිත පිරිසෙහි ප්‍රධානී එයාර් කොමදෝරු Osichinaka Chedu UBADIKE සහ ඉන්දියාවේ නයිජීරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේද වැඩ බලන ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් AO Salami ඇතුළු ධූත පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවීමෙන් අනතුරුව, ජාතික ආරක්ෂක විද්‍යාලයේ 31 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු දේශනයක් සඳහා සහභාගි විය.
එමෙන්ම, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ නයිජීරියානු ධූත පිරිසෙහි ප්‍රධානී අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
තවද, මෙම නයිජීරියානු ධූත පිරිස දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුල එම ධූත පිරිස විවිධ වැඩසටහන් සඳහා සහභාගී වන අතර, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමටද නියමිතව ඇත.