නාවික හමුදාධිපති දකුණු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මාර්තු මස 30 සහ 31 දෙදින දකුණු නාවික විධානයේ නිල සංචාරයක් සිදුකර දකුණු නාවික විධානයේ මෙහෙයුම් සූදානම නිරීක්ෂණය කරන ලද අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්රායන්, මෙහෙයුම් සූදානම සහ කාලීන ආර්ථික අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, දකුණු නාවික විධානයේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, දකුණු නාවික විධානායේ ආඥාපති, රියර් අද්මිරාල් සමන් පෙරේරා විසින් නාවික හමුදාධිපති දකුණූ නාවික විධානය වෙත ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් දකුණු නාවික විධානයේ නිලධාරීන් වෙනුවෙන් සහ නාවිකයන් වෙනුවෙන් නිපුණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී නාවික හමුදාවේ ඉදිරි අභිප්රායන්, මෙහෙයුම් සූදානම සහ කාලීන ආර්ථික අභියෝග කළමණාකරනය පිළිබඳව හරවත් දේශන පැවැත්වීමට කටයුතු කෙරිණි.
දකුණු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපති, රට මුහුණදී ඇති දුෂ්කර කාලවකවානුව හමුවේ වුවද, සාගරය ඔස්සේ සිදුවන ආර්ථික කටයුතු සුරක්ෂිතව සිදුකිරීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ස්ථායී සාගර කලාපයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කැපවී සිටින බව පවසන ලදි.
නාවික පුද්ගලයන් මුහුණදී ඇති වත්මන් ආර්ථික දුශ්කරතා මඟහැරවීම සඳහා ගරු ජනාධිපති තුමා විසින් ඉදිරියේදී නාවික පුද්ගලයන්ගේ සලාක දීමනාව ඉහළ නැංවීම අනුමත කර ඇති අතර, මේ සම්බන්ධයෙන් නාවිකයන් දැනුවත් කලයුතු බව පවසන ලදි. වසර 30 කට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම වෙනුවෙන් ඉතා දුශ්කර කාලපරිච්ඡේදයක් සඳහා දේශප්‍රේමීත්වයෙන් යුතුව මුහුණදුන් නාවික හමුදා පුද්ගලයින් මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද රටේ නිදහස වෙනුවෙන් කැපකිරීම් සිදුකල ආකාරය සිහිපත් කල නාවික හමුදාධිපති, එම සුවිශේෂී කැප කිරිම, දේශප්‍රේමීත්වය තුලින් ලද පන්නරය මඟින් වත්මන් ආර්ථික අභීයෝග ජයගැනීම සඳහා නාවික පුද්ගලයන් හට හැකියාව පවතින බවත්, තම පෞද්ගලික ආර්ථික කටයුතු මනා කළමණාකාරීත්වයකින් යුතුව සිදු කිරීමෙන් සහ ආදායමට සරිලන ලෙස වියදම පාලනය කරගැනීමෙන් එම අභියෝග සඳහා පහසුවෙන් මුහුණ දිය හැකි බවත් පවසන ලදි.
රජය විසින් ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් රට මේ වන විට නිවැරදි දිශානතියකට ගමන් කරන බව සඳහන් කල නාවික හමුදාධිපති, එලෙස ක්‍රමයෙන් රට යථාතත්වයට පත්වන අවස්ථාවක පවත්නා රජයට එරෙහිව ක්‍රියාත්මක වන විවිධ දේශපාලන ව්‍යාපෘතීන් වෙත අනුබල දීමෙන් වැළකීම නාවික හමුදා පුද්ගලයන්ගේ වගකීම බව පවසන ලදි. නිලධාරින් ලෙස තමන්ට හිමිවන අධිකාරිය හා නායකත්වය භාවිතා කරමින්, නිවැරදි උපදෙස් හා මඟපෙන්වීම ලබාදෙමින් කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමේ වැදගත්කම අවධාරනය කල නාවික හමුදාධිපති, ඒ සඳහා අංශ ක්‍රමය වඩාත් ශක්තිමත් කිරීමත්, නාවික පුද්ගලයන් වෙත අවශ්‍ය නායකත්වය හා මඟපෙන්වීම ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් විසින් ලබාදිය යුතු බවත් අවධාරනය කරන ලදි. එමෙන්ම නාවික හමුදා සුභසාධන අංශය වෙතින් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙතින් නාවික පුද්ගලයන් වෙනුවෙන් සිදුකෙරෙන ව්‍යාපෘතීන් පිළිබඳ නාවික පුද්ගලයන් දැනුවත් කිරීමට කටයුතු කලයුතු බවත් එහිදී නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් පවසන ලදි.
විශේෂයෙන් කන්කසන්තුරය වරායේ සිට ඉන්දියාව දක්වා ආරම්භ කිරීමට නියමිත මගී ප්‍රවාහන යාත්‍රා සේවය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් නාවික හමුදාව සුවිශාල කාර්යය භාරයක් සිදුකරන බව සඳහන් කල නාවික හමුදාධිපති, ඉදිරියේදී ත්‍රීකුණාමලය ආශ්රිත මුහුදු ප්‍රදේශයේ විනෝදාශ්වාදය සඳහා වන කිමිදුම් කටයුතු ප්‍රචලිත කිරීම සඳහා ද නාවික හමුදාව විශේෂ ව්‍යාපෘතියක් සිදුකිරීමට නියමිත බවත්, මෙම සෑම ව්‍යාපෘතියක් මඟින්ම නාවික පුද්ගලයන්ගේ සුභසාධනය ඉහළ නැංවීමට කටයුතු කරන බැවින්, රට වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට සෑම නාවික පුද්ගලයෙක්ම කැපවිය යුතු බව අවධාරනය කරන ලදි.
මෙම සංචාරයේදී නාවික හමුදාධිපති, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී සංවිධානය කරන ලද ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ බෙදාදීමේ වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව, දකුණු නාවික විධාන තඨාකාංගණයේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කර අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.
මෙම සංචාරයේදී නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂ රෝහණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවාරයක් සිදුකරන ලද අතර, එහිදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතාන විසින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සූදානම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වෙත කරුණු පැහැදිලි කිරීම සිදුකෙරිණි. අනතුරුව ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ සංචාරය කල නාවික හමුදාධිපති, රුහුණ ආයතනයේ නාවිකයන් ඇමතීමටද කටයුතු කෙරිණි.
අද දින (2023 මාර්තු 31) උදෑසන කිරින්ද කිමිදුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික නෞකා කාවණ්තිස්ස ආයතනයේදී එම ආයතනය හා හම්බන්තොට වරායට අනුයුක්ත නෞකා හා යාත්‍රාවන්ට අයත් නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපති, හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිළධාරී සමඟ සුහද හමුවක් ද සිදුකෙරිණී.
තවද, මෙම සංචාරයට සමගාමීව නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තුමිය විසින් කිරිවෙහෙර, කතරගම සහ වැඩසිටි කන්ද යන ආගමික සිද්ධස්ථානයන්හි සංවිධානය කල ආගමික වැඩසටහන් සඳහා සහභාගී වීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති ගේ දකුණු විධාන නිල සංචාරය නිමාවට පත්විය.