කැරම් ලෝක ශූරතාවලියේදී මව්බිමට රිදී සහ ලෝකඩ පදක්කම් දිනා දුන් නාවිකයින් වෙත මුදල් ත්‍යාග
08 වන කැරම් ලෝක ශූරතාවලිය -2022 සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මව්බිමට රිදී සහ ලෝකඩ පදක්කම් දිනාදුන්, නාවික හමුදාවේ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු සහ බල කාන්තා නැවි ජෝශප් රෝෂිටා යන නාවිකයින් දෙදෙනා අද (2022 නොවැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවී ඔවුන් හිමි කරගත් කුසලාන නාවික හමුදාධිපති වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී, මව්බිමට අභිමානයක් ගෙනදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය ඇගයූ නාවික හමුදාධිපති, එම නාවිකයින් වෙත වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරිණි.
ජාත්‍යන්තර කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද රටවල් 18 ක සහභාගීත්වයෙන් පැවති 08 වන කැරම් ලෝක ශූරතාවලිය - 2022 මැලේසියාවේ ලංග්කාවි හිදී 2022 ඔක්තෝබර් මස 03 සිට 07 දක්වා පැවැත්වුනු අතර, එහිදී පිරිමි කණ්ඩායම් ඉසව්වෙන් අනුශූරතාවයද, පිරිමි ද්විත්ව අංශයෙන් තෙවන ස්ථානයද, කාන්තා අංශයේ කණ්ඩායම් ඉසව්වෙන් තෙවන ස්ථානයද ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට හිමි විය. එම කැරම් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදාවේ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද, බල කාන්තා නැවි ජෝශප් රෝෂිටා ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත් වූ අතර, අවස්ථා 11 කදී ප්‍රතිවාදීයාට අවස්ථාවක් නොදී ජයග්‍රහණය කරමින් විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු, එම ශූරතාවලියේදී ‘Highest Number of Slams’ කුසලානයද දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම නියෝජනය කරමින් රිදී සහ ලෝකඩ පදක්කම් මව්බිමට ගෙන ඒමට සිදුකළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඔවුන් වෙත සුභපැතු නාවික හමුදාධිපති, නාවික හමුදාවේ කීර්තිනාමය ඉහළ නංවමින් මව්බිමට මහත් අභිමානයක් ගෙන දීමට සිදුකළ එම සුවිශේෂී දායකත්වය අගයමින් ඔවුන් තවදුරටත් දිරිගැන්වීම උදෙසා බලනැවි නිශාන්ත ප්‍රනාන්දු වෙත රුපියල් 250,000.00 ක මුදල් ත්‍යාගයක් සහ බල කාන්තා නැවි ජෝශප් රෝෂිටා වෙත රුපියල් 100,000.00 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම මෙලෙස නාවික හමුදා මූලස්ථානයේදී අද (2022 නොවැම්බර් 28) සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් නෙවිල් උබයසිරි සහ අධ්යක්ෂ ක්‍රීඩා කොමදෝරු රොශාන් අතුකෝරළ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.