ශ්‍රී ලංකාවේ නව මාලදිවයින් ජනරජ ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිගෙන් උණුසුම් සුභ පැතුම්
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමට නියමිත ලුතිනන් කර්නල් හසන් අමීර් (Lieutenant Colonel Hassan Amir), සහ දැනට එම ධූරයේ රාජකාරී කරනු ලබන කර්නල් ඉස්මයිල් නසීර් (Colonel Ismail Naseer) හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතර නිල හමුවක් අද (2022 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වූ අතර, එහිදී නාවික හමුදාධිපති විසින් ලුතිනන් කර්නල් හසන් අමීර් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කෙරිණි.
02 Sep 2022



