නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021 දෙසැම්බර් මස 23 වන දින සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී විචිත්‍රවත් අයුරින් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය සහභාගි විය.

24 Dec 2021