ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, වෛද්‍ය සේවා, වියළි ආහාර, පානීය ජලය ලබාදීම මෙන්ම, ගංවතුරෙන් ආපදාවට පත් ජල සම්පාදන සේවා යථාතත්වයට පත්කිරීම ඇතුළු ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් සිදුකෙරෙණ මානුෂිය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා ඊයේ දිනයේද (2025 දෙසැම්බර් 01) නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.
ඒ අනුව, ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවා සැපයීම, සිලාවතුර ප්‍රදේශයේ අසාධ්‍ය රෝගියෙකු ප්‍රථිකාර සඳහා මන්නාරම වෙත මුහුදු මාර්ගයෙන් රැගෙන යාම, බියගම, හලාවත සහ ගම්පොල ප්‍රදේශයේ ජනතාව වෙත වියළි ආහාර හා පානිය ජලය ලබාදීම සඳහා නාවික හමුදාවේ දායකත්වය ලබාදීම සිදුකෙරිණි.
එමෙන්ම, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගඟ සිරිපුර ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පොදු ස්ථාන සහ නිවාස පිරිසිදු කිරීම, හලාවත දිස්ත්‍රික් මහා රෝහල වෙත පානිය ජලය සැපයීම, දිවුලපිටිය ජල සම්පාදන මණ්ඩලයේ ජල පොම්පය යථාතත්වයට පත් කිරීම, මහනුවර ගොහාගොඩ ජල පවිත්‍රාගාරයේ සිරව ඇති මඩ ඉවත් කිරීම නාවික හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරිණි.
තවද, නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩව මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම සඳහා දායක වේ.












































