Search & Rescue-si
ගංවතුරෙන් ආපදාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙත මානුෂීය ආධාර ලබාදෙම සඳහා නාවික හමුදා සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්, අමිතිරිගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් වෛද්‍ය සායනයක්, අවිස්සාවේල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී 2025 නොවැම්බර් මස 30 දින පැවැත්වුණු අතර, එම වෛද්‍ය සායනය වෙනුවෙන් සහ එම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම සඳහා එහිදී නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.
01 Dec 2025
මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 157 ක් නාවික හමුදාව මුදාගනියි
අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් එකසිය පනස් හත් දෙනෙකු (157) නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගැනීමෙන් පසු, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට 2025 නොවැම්බර් මස 30 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
01 Dec 2025
යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු හදිසි ප්‍රථිකාර සඳහා යාපනය දිස්ත්‍රීක් රෝහල වෙත ඇතුලත් කිරීමට නාවික හමුදා සහය
යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු වෙත හදිසි ප්‍රථිකාර ලබා දීම සඳහා නාවික හමුදා යාත්‍රාවක් මඟින්, යාපනය කයිට්ස් දුපතේ කරම්පන් ජැටිය වෙත රැගෙන ඒමට ඊයේ දින රාත්‍රීයේදී (2025 නොවැම්බර් 30) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
01 Dec 2025
වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් මුදා ගැනීමට නාවික හමුදා සහය
අධික වර්ෂාපතනය හේතුවෙන් වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, මැදවච්චිය මන්නාරම මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් සහ එහි සිටි පුද්ගලයන් මුදා ගැනීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ඊයේ දිනයේ (2025 නොවැම්බර් 30) කටයුතු කෙරිණි.
01 Dec 2025
ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව මුදාගනියි
අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (2025 නොවැම්බර් 30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 දිනය පුරා නාවික හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටියි.
01 Dec 2025


