මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 157 ක් නාවික හමුදාව මුදාගනියි

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් එකසිය පනස් හත් දෙනෙකු (157) නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගැනීමෙන් පසු, ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට 2025 නොවැම්බර් මස 30 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ කූරායි වැව සහ ශෙරෙට්ටිකුලම් වැව් පිටාර ගැලීමෙන් එම ප්‍රදේශයේ සිතුම්නගර්, ආනමොටේ, ශෙරෙට්ටිකුලම් හා ශිවපුරම් යන ගම්මාන ජලයෙන් යටවීමෙන් ආපදාවට පත් පුද්ගලයන් එක්සිය හය දෙනෙකු (106) දෙනෙකු සහ, මල්වතුඔය පිටාර ගැලීමෙන් ශෙට්ටිකුලම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් පනස් එක් දෙනෙකු (51) මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් මුදා ගැනීමෙන් පසු ආරක‍්‍ෂිත ස්ථාන වෙත යොමු කෙරිණි.