Drug Bust News-si

රුපියල් මිලියන 08ට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 04 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ තිස් අටක (38) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Nov 2025

රුපියල් මිලියන 23 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් සමඟ සැකකරුවන් 04ක් පේදුරුතුඩුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 01 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ ග්‍රෑම් එකසිය පහක (105) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) හා එක් සැකකාරියක් (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

03 Nov 2025

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 නොවැම්බර් 02) දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

02 Nov 2025

රුපියල් මිලියන 41 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් උතුර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 30 දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ එකසිය අසූපහයි (185) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 Oct 2025

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53ට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) දකුණු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහු දින ධීවර යාත්‍රාව අද දින (2025 ඔක්තෝබර් 17) ගාල්ල වරාය‍ට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ උර දෙකක අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53යි ග්‍රෑම් 134ක පමණ තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව; එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

17 Oct 2025

හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සුරක්‍ෂිත රටක් තහවුරු කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය රටතුළට ගෙන ඒම වැලැක්වීම සඳහා සිදුකරනු ලබන තීව්‍ර නාවික මෙහෙයුම් අතරතුරදී ලද විශ්වසනීය තොරතුරකුට අනුව, 2025 ඔක්තෝබර් මස 14 වැනි දින උදෑසන කාලයේ, දකුණු දිග මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ක තොගයක් අඩංගු උර පනස් එකක් (51) නාවික හමුදා භාරයට ගත් අතර, තංගල්ල ධිවර වරායට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

15 Oct 2025

රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් මන්නාරම නරුවිලික්කුලම් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම නරුවිලික්කුලම් වෙරළ ප්‍රදේශයේ, මන්නාරම විශේෂ පොලීස් ඒකකය හා එක්ව 2025 සැප්තැම්බර් මස 02 වැනි දින සහ අද (2025 සැප්තැම්බර් 03) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්‍රෑම් නවසිය හයකට (906) අධික තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

03 Sep 2025

රුපියල් මිලියන 21කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශයේ දි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාදගල්, සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසි එකකට (21) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ අනූ හයයි (96) ග්‍රෑම් පන්සියයක (500) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Sep 2025

රුපියල් මිලියන 27 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 121 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 27 සහ 29 දෙදින මන්නාරම වන්කාලෛයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ එකසිය විසිඑකකට (121) අධික තොගයක් සමඟ, ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ සැකකරුවන් පස්දෙනෙක්(05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Aug 2025

රුපියල් මිලියන 24කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම, කුඩිඉරිප්පු සහ පේසාලේ අතර වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසි හතරකට (24) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ එකසිය දහයයි (110) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Aug 2025