12 වන ආරක්ෂක සේවා පිහිණුම් හා දිය පන්දු තරඟාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය නාවික හමුදා පිහිණුම් කාණ්ඩායම් දිනා ගනියි

2023 ජුනි මස 05 වන දින සිට 09 වන දින දක්වා ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා පිහිණුම් හා දිය පන්දු තරඟාවලියේ පිහිණුම් ශුරතාවය නාවික හමුදා කාන්තා පිහිණුම් කාණ්ඩායම දිනා ගත් අතර, එහි අනුශූරතාවය නාවික හමුදා පිරිමි පිහිණුම් කාණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, මීටර් 800 නිදහස් ආර තරඟයේ රීදි පදක්කම, මීටර් 100 ළය ආර තරඟයේ රන් පදක්කම, මීටර් 200 කේවල මිශ්‍ර ආර තරඟයේ රීදි පදක්කම, මීටර් 400 නිදහස් ආර තරඟයේ රිදී පදක්කම සහ මීටර් 50 ළය ආර තරඟයේ රන් පදක්කම සාමාන්‍ය කාන්තා නැවි එල්සීඑන් ප්‍රනාන්දු විසින්ද, මීටර් 50 පසුපස ආර තරඟයේ රන් පදක්කම, මීටර් 100 පසුපස ආර තරඟයේ රිදී පදක්කම, මීටර් 50 නිදහස් ආර තරඟයේ රීදි පදක්කම, මීටර් 200 නිදහස් ආර තරඟයේ රීදී පදක්කම සහ මීටර් 100 නිදහස් ආර තරඟයේ රිදී පදක්කම සාමාන්‍ය කාන්තා නැවි වීඑන් කළුආරච්චි විසින්ද, මීටර් 50 සමනල ආර තරඟයේ රිදී පදක්කම සහ මීටර් 100 සමනල ආර තරඟයේ රිදී පදක්කම සාමාන්‍ය කාන්තා නැවි ටීඑන් හෙට්ටිගේ විසින්ද හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී සිටි අතර, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල, නාවික හමුදා පිහිණුම් හා දිය පන්දු සංචිතයේ සභාපති ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.