නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති, දෘශ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට ගැසීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසීමේ (Rigging) තරඟාවලිය, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් 2024 නොවැම්බර් මස 30 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සහ ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් සංජීව පෙරේරා ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසීමේ (Rigging) තරඟාවලිය, ප්‍රධාන නෞකා, කුඩා නෞකා/ යාත්‍රා සහ වේග ප්‍රහාරක යත්‍රා යන කාණ්ඩ තුනක් යටතේ පැවැත්විණි.

ඒ අනුව, මුහුදු මාර්ග නිතී තරඟාවලියේ ප්‍රධාන නෞකා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ, උප ලුතිනන් ඩීයුඑම් සේරසිංහ විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ, උප ලුතිනන් කේඑන්ටී පෙරේරා විසින් දිනා ගැනීමට සමත්විය. කුඩා ‍නෞකා හා යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය නෞකාවේ, ලුතිනන් ආර්ඒවීඕ රණසිංහ විසින් දිනාගත් අතර එහි දෙවන ස්ථානය ඒ 521 නෞකාවේ, උප ලුතිනන් ඩබ්එම්පී දිල්මිණ විසින් දිනා ගැනීමට සමත්විය. වේග ප්‍රහාරක යාත්‍රා කාණ්ඩයෙන් පළමු ස්ථානය පී 497 යාත්‍රාවේ ලුතිනන් එස්එන් අබේවර්න විසින්ද, එහි දෙවන ස්ථානය පී 4445 යාත්‍රාවේ ලුතිනන් ජේඑම්එන්ඩී බංඩාර විසින්ද දිනාගත් අතර, මුහුදු මාර්ග නීති සඳහා දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය නෞකාවේ, ලුතිනන් ආර්ඒවීඕ රණසිංහ විසින් දිනාගැනීමට සමත් විය.

දෘශ්‍ය සංඥා, තරඟාවලියේ ප්‍රධාන නෞකා අතර පැවති තරඟයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව විසින් දිනාගැනීමට සමත් විය. කුඩා ‍නෞකා හා යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාව විසින් දිනා ගැනීමට සමත්විය. වේග ප්‍රහාරක යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය පී 421 යාත්‍රාවත්, එහි දෙවන ස්ථානය පී 462 යාත්‍රාවත් දිනාගත් අතර, දක්‍ෂතම දෘශ්‍ය සංඥාකරු ලෙස පී 421 යාත්‍රාවේ, නායක සංඥා ඒසී වඩුගේ විසින් සම්මාන දිනා ගැනීමට සමත් විය.

ප්‍රායෝගික ගැට ගැසීම යටතේ ප්‍රධාන නෞකා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව විසින් දිනාගැනීමට සමත් විය. කුඩා ‍නෞකා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා රණජය නෞකාව විසින් දිනාගැනීමට සමත් විය. වේග ප්‍රහාරක යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය පී 462 යාත්‍රාවත් එහි දෙවන ස්ථානය පී 436 යාත්‍රාවත් දිනාගත් අතර, දක්‍ෂතම ගැටගසන්නාට හිමි සම්මානය ශ්‍රී ලංකා නාවික නෞකා රණජය නෞකාවේ, ලුතිනන් එල්එස්ඩී අමරවංශ විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික විධානයන් හා නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.