වැදගත් සිදුවීම්

2023 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දියත් විධානය විසින් හිමි කර ගනියි

මෙවර (2023) නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය, 2023 නොවැම්බර් මස 08 සහ 09 දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනු අතර, දියත් විධානය එහිදී 2023 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

11 Nov 2023

මිය ගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ දිනය නාවික හමුදා මූලස්ථානයේදී සහ සියළුම නාවික විධානයන්හිදී අභිමානවත්ව සැමරේ

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහිකිරීමේ දිනය අදට (නොවැම්බර් 11) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සිහිකිරීමේ උත්සවය අද දින (2023 නොවැම්බර් 11) නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදීත්, විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියළුම නාවික විධානයන්හීදීත් අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

11 Nov 2023

නාවික හමුදා උත්තමාචාර මධ්‍යයේ රියර් අද්මිරාල් ජගත් ලියනගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජගත් ලියනගමගේ අද දින (2023 නොවැම්බර් 08) නාවික හමුදා උත්තමාචාර මධ්‍යයේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යෑම සිදු කෙරිණි.

08 Nov 2023

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 33 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 33 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම 2023 නොවැම්බර් 03 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ INS Sumitra නෞකාවේදී සාර්ථකව පවත්වන ලදී.

03 Nov 2023

කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023 නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023, “Strategizing Security Challenges in A Dynamic Environment” යන තේමාව යටතේ 2023 නොවැම්බර් මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

03 Nov 2023

ඉන්දියානු නාවික හමුදාව විසින් සිව් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2023 සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඉන්දියානු නාවික හමුදාව විසින් සිව් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2023 (Goa Maritime Conclave – 2023), 2023 ඔක්තෝබර් මස 29 වන දින සිට 31 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික පාසලේදී පැවැත්වූනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

02 Nov 2023

නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය 2023 ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

01 Nov 2023

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ඔක්තෝබර් මස 28 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ඔක්තෝබර් 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම ත්‍රීකුණාමලය වරායේදී සිදු කෙරිණි.

31 Oct 2023

කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ඔක්තෝබර් මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2023 ඔක්තෝබර් මස 28 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

29 Oct 2023

Trinco Dialogue - 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

‘Trinco Dialogue – 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2023 ඔක්තෝබර් මස 27 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සු‍රේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

28 Oct 2023