වැදගත් සිදුවීම්

"කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව" නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

රාජකීය ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කල, දිවංගත කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත වෙත නාවික හමුදාවෙන් පි‍‍දෙන උපහාරයක් ලෙස, වැලිසර නාවික පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා සංස්කෘතික නර්ථන ශාලාව, "කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව" ලෙස නම් කර විවෘත කිරීම 2023 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

08 Oct 2023

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනී හා නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු මියොන් ලී මහත්මිය (Miyon Lee) අද දින (2023 ‍ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

06 Oct 2023

නාවික හමුදාව මඟින් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් පිරිනමයි

නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වෙත පිරිනැමීම, 2023 ඔක්තෝබර් මස 06 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

06 Oct 2023

සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood), සමුගැනීමේ නිල හමුවක් සඳහා 2023 ඔක්තෝබර් මස 05 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

06 Oct 2023

බහරේන් හි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන බහරේන් හි පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ (The Combined Maritime Forces – CMF) නියෝජ්‍ය අණදෙන නිලධාරී කොමදෝරු පිලිප් එඩ්වර්ඩ් ඩෙනිස් (Commodore Philip Edward Dennis - Royal Navy) අද දින (2023 ඔක්තෝබර් 02) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

02 Oct 2023

වෛද්‍ය නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ වෛද්‍ය අංශයට අයත් වෛද්‍ය නිලධාරීන් හත් දෙනෙකු (07) විසිර යාම, 2023 සැප්තැම්බර් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

01 Oct 2023

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වූ 25 වන සමුද්‍රීය බල සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්පෝර්ට්, රෝඩ් අයිලන්ඩ්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික සංග්‍රාමික විද්‍යායතනයේ (U.S. Naval War College) 2023 සැප්තැම්බර් මස 19 වන දින සිට 22 වන දින දක්වා පැවැති 25 වන සමුද්‍රීය බල සමුළුව (25th International Seapower Symposium - ISS) සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය. එහිදී, ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය නාවික මෙහෙයුම් ප්‍රධානී, අද්මිරාල් Lisa M. Franchetti, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආඥාපති, අද්මිරාල් Linda L. Fagan, ඇමෙරිකා එක්සත් ජනපද ශාන්තිකර විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් Samuel J. Paparo සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා මධ්‍යම විධානයේ ආඥාපති වයිස් අද්මිරාල් Brad Cooper ඇතුළු කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන්ට අයත් නාවික හමුදා සහ වෙරළාරක්ෂක ප්‍රධානීන් සමඟ සිදුකෙරුණු නිල හමුවීම් සඳහා සහභාගී වී, සමුද්‍රීය ආරක්ෂාව සහ සයෝගීතාවය ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදු කෙරිණි.

26 Sep 2023

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ගාලු මුවදොර වෙරළ තීරයේ රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සීමාසහිත ශ්‍රී ලංකා නැව් සමාගම හා එක්ව අද දින (2023 සැප්තැම්බර් 23) ගාලු මුවදොර වෙරළ තීරය ‍කේන්ද්‍ර කර ගනිමින් රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

23 Sep 2023

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී පවත්වයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය 2023 සැප්තැම්බර් මස 21 වන දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමදෝරු නිමල් වසන්ත ගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහභාගී විය.

22 Sep 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 සැප්තැම්බර් මස 14 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, 2023 සැප්තැම්බර් මස 21 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම ත්‍රිකුණාමලය වරායේදී සිදු කෙරිණි.

22 Sep 2023