වැදගත් සිදුවීම්
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
16 Mar 2025
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 මාර්තු මස 14 වැනි දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයට අයත් නිලධාරීන්, නාවිකයින් සහ දියත් විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් අමතා, නාවික හමුදා මෙහෙයුම්, පුහුණු කටයුතු සහ සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති කාර්‍යක්‍ෂමව සිදු කිරීම සඳහා උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
15 Mar 2025
මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් 2025 මාර්තු මස 11 වැනි දින අවසන් කෙරිණ.
14 Mar 2025
මුලතිව්, ඇහැටුගස්වැව මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් මුලතිව්, ඇහැටුගස්වැව මහා විද්‍යාලය පරිශ්‍රය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 13 වැනි දින සිදු කෙරිණි.
14 Mar 2025
පානදුර අගමැති බාලිකා විද්‍යාලීය ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති සහභාගී වෙයි

පානදුර අගමැති බාලිකා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025 මාර්තු මස 12 වැනි දින පානදුර මහජන ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනු අතර, එහි සමාප්ති උළෙලේ ජය සංඛේත ප්‍රධානය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
13 Mar 2025
සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි

සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය 2025 මාර්තු මස 11 වැනි දින ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Chennai) සහ ශ්‍රී ලංකාවේ කොළඹ (MRCC Colombo) සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමුද්‍රීය සෙවිම් හා මුදාගැනීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය හදිසි අවස්ථාවන්හීදී සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් පැවැත්වුණි.
12 Mar 2025
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ නියෝජිතයින් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ (Institute for Security Governance –ISG) නියෝජිතයින් පිරිසක් 2025 මාර්තු මස 11 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
12 Mar 2025
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් “ඔබේ සතුට ඔබ සමඟයි” මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

මාර්තු මස 08 වැනි දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, “ඔබේ සතුට ඔබ සමඟයි” මැයෙන් කණිෂ්ඨ කාන්තා නාවිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 11 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
11 Mar 2025
නිකවැරටිය කටගමුව ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය

අක්‍රීය තත්වයේ පැවති නිකවැරටිය, කටගමුව ජලාශයේ සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට 2025 මාර්තු මස 10 වැනි දින කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
11 Mar 2025
අනුරාධපුරය, හබරණ මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් අනුරාධපුරය, හබරණ මහා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 10 වැනි දින සිදු කෙරිණි.
11 Mar 2025