වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වන අද්මිරාල් බැසිල් ගුණසේකර දැයෙන් සමු ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර, අද දින (2024 පෙබරවාරි 17) අභාවප්‍රාප්ත විය.
17 Feb 2024
සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 වැලිසර දී සාර්ථකව නිමාවට පත්වෙයි

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 (Military Engineering And Technology Conference 2024) වැලිසර ‘Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ගේ ආරාධනයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහ සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 16 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
17 Feb 2024
කැස්බෑ බිත්තර සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාලු මුවදොරදී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් කැස්බෑ සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික වැඩසටහනක්, 2024 පෙබරවාරි මස 15 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී සහ ගාලු මුවදොර වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි.
16 Feb 2024
මිලාන් - 2024 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ දිවයිනෙන් පිටත්වෙයි

ඉන්දීයානු නාවික හමුදාව විසින් 12 වන වරට සංවිධානය කරනු ලබන මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 19 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව අද දින (2024 පෙබරවාරි 16) ත්‍රීකුණාමල වරායෙන් දිවයිනෙන් පිටත් විය.
16 Feb 2024
ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 16) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
16 Feb 2024
සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් වෙත සාමාජිකත්ව කාඩ්පත් සහ සහතිකපත් ප්‍රදානය කෙරේ

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් සඳහා සාමාජිකත්ව කඩ්පත් සහ සහතික පත් ප්‍රදානය, 2024 පෙබරවාරි මස 09 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ඇතුළු සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා විධායක කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ දී සිදුකෙරිණි.
15 Feb 2024
ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිලිබඳ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

2024 පෙබරවාරි මස 05 වන දින සිට දින 05 ක් පුරා කොළඹ මැන්ඩරින් හෝටලයේදී පැවති ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ (Indian Ocean Regional Information Sharing -IORIS) සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිලිබඳ (Standard operation procedure- SOP) දකුණු ආසියා පාඨමාලාව 2024 පෙබරවාරි මස 09 වන දින සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි සහතික ප්‍රදානය නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
10 Feb 2024
මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ්, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් (Chief of Defence Force of Maldives National Defence Force (MNDF) Lieutenant General Abdul Raheem Abdul Latheef) අද දින (2024 පෙබරවාරි 08) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
08 Feb 2024
ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ යුද, නාවික හා ගුවන් ආරක්‍ෂක උපදේශක Colonel Abdoulaye TRAORE අද දින (2024 පෙබරවාරි 07) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
07 Feb 2024
මැදවච්චිය ප්‍රදේශයේ පාසල් තුල සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි අ/පුල්එළිය විද්‍යාලය, අ/තුලාවෙල්ලිය විද්‍යාලය සහ රඹෑව ගිනිකටුවැව විද්‍යාලයේ, නාවික හමුදා ශිල්පීය හා ශ්‍රමදායකත්වයෙන් සහ විදේශයක පදිංචි දානපතියෙකුගේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකෙරුණු සනීපාරක්‍ෂක පහසුකම් සිසු අයිතියට පත් කිරීම, 2024 පෙබරවාරි 05 වන දින එම විද්‍යාලයන්හීදී සිදුකෙරිණි.
07 Feb 2024