වැදගත් සිදුවීම්
‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ සාගර කලාපීය පරිසරය’ අනු තේමාව යටතේ 12 වන ගාලු කථිකාවේ පළමු සැසිය පැවැත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ පළමු සැසිය, ‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය පරිසරය’ (Marine Environment Under Changing Dynamics) යන තේමාවට අදාලව, මහාචාර්ය Ronan Long ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
25 Sep 2025
වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය දැක්ම පිලිබඳ 12 වන ගාලු කථිකාවේදී පලදායි හා විද්වත් සාකච්ඡා සාර්ථකව පැවැත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධානයන්ගේ සමුද්‍රීය පාර්ශ්වකරුවන්, නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් 2025 සැප්තැම්බර් මස 24 වැනි දින ආරම්භ වූ අතර, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාවට අදාලව පැවති සමාරම්භක සැසිය ඇතුළු සැසි තුනක් යටතේ සිදුකෙරුණු විද්වත් සාකච්ඡාවකින් අනතුරුව, සම්මන්ත්‍රණයේ පළමු දිනය සාර්ථකව නිමාවට පත් විය.
25 Sep 2025
12 වන ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසරදී ආරම්භ වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අද (2025 සැප්තැම්බර් 24) ආරම්භ වූ අතර, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව ඔස්සේ දින දෙකක් පුරා (2025 සැප්තැම්බර් 24-25) පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධාන 16 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වෙයි.
25 Sep 2025
නාවික හමුදාවේ දායකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, 2025 සැප්තැම්බර් මස 23 වන දින ත්‍රීකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
24 Sep 2025
ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර Wave n' Lake උත්සව ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 34ක හා ජාත්‍යන්තර සංවිධාන 14ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
23 Sep 2025
නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් අනුරාධපුරයේදී පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 සැප්තැම්බර් මස 16 සිට 22 දක්වා අනුරාධපුර දිස්ත්‍රීක්කය තුල සාර්ථකව පැවැත්විණි.
22 Sep 2025
ඉන්දීය නාවික හමුදා ප්‍රධානී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා 2025 සැප්තැම්බර් මස 21 වැනි දින දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති (Admiral Dinesh K Tripathi), අද (2025 සැප්තැම්බර් 22) උදෑසන නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
22 Sep 2025
මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධිවර කටයුතු මැඩපැවැත්වීම සම්බන්ධව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩ මුළුවක්
මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම පිළිබඳව මීගමුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, එම ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 සැප්තැම්බර් මස 19 වැනි දින උස්වැටකෙයියාව ශ්‍රි ලංකා නාවික නෞකා කැළණී ආයතනයේදී පැවැත්විණි.
21 Sep 2025
2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශය පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී
නාවික හමුදාවේ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශය 2024 (Procurement Guideline 2024) සහ ලංසු කැඳවීමේ ක්‍රීයාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2025 සැප්තැම්බර් මස 17 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය අංශයේ ප්‍රධාන ගණකාධිකාරී ජීඑස්කේ සමරතුංග මහතාගේ සම්පත් දායකත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වීණි.
21 Sep 2025
නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග යන ජ්‍යේෂ්ඨ නාවිකයා 2025 සැප්තැම්බර් මස 18 වැනි දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
21 Sep 2025


