වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානයේ ඇති දුපත්හි පාසල් සිසුන්ගේ පාපන්දු ක්‍රීඩා හැකියාව නැංවීම සදහා නාවික හමුදා සහය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය ආර්ධද්වීපයේ දුපත් වල පාසල් සිසුන් වෙනුවෙන් පාපන්දු පුහුණු කදවුරු කිහිපයක් විශ්‍රාමික ලුතිනන් එස් සුකුමාරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

09 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විඡය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉප්පන්තිව් සහ පෙරියඅරච්චිල් අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

09 Jun 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තලෙයීමන්නාරමට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ටෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අඵයම (9) අත්අඩංගුවට ගන්නා ලදී.

09 Jun 2016

ජගත් සාගර දින සැමරුමට නාවික හමුදාධිපති සහභාගී වෙයි
 

ජගත් සාගර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) කොළඔ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.

08 Jun 2016

සිංගප්පූරුවේ පැවති 15 වන IISS ෂැන්ග්රි-ලා කතිකාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි

සිංගප්පූරුවේ ආසියානු ආරක්ෂක සමුළුවේ පැවැත්වූ යුදෝපායන් පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යන ආයතනයේ 15 වන ෂැන්ග්රි-ලා කතිකාවට ශ්‍රී ලංකා නාවික හමුදා‍ මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.

08 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයේ කුඩා යාත්‍රාවන්හි මුර සංචාරයේ යෙදි සිටි නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (05) සාම්පූර් ප්‍රදේශයෙහි නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jun 2016

කංකසන්තුරේ මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

කංකසන්තුරේට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේ ශ්‍රි ලංකා මුහුදු තිරයේදි පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් ඊයේ (6) වන දින උතුරු නාවික විධානයට අයත් පි 422 ක යාත්‍රාව මුර සංචාරයේ යෙදි සිටියේදි අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jun 2016

නාවික හමුදාධිපතිතුමා බංගලාදේශ නෞකාවේ සංචාරයක නිරතවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (6), මෙරටට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් බංගබන්දු නෞකාවෙහි චාරිකාවක නිරත විය.

06 Jun 2016

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 4 සහ 5 දෙදින නැගෙනහිර නාවික විධානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

06 Jun 2016

ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහණ සැළසීම සඳහා ආධාර රැගත් බංගලාදේශ නෞකාවක් කොළඹ වරායට පැමිණේ
 

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගත් බංගලාදේශ නාවික හමුදාවට අයත් බංගබන්දු නෞකාව අද (5) කොළඹ වරායට සේන්දු විය.

05 Jun 2016