වැදගත් සිදුවීම්

නාවික පුද්ගලයින්ගේ දුවාදරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ

නාවික රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

17 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) පුංකුඩුතිව් දූපතට ගිණිකොන දෙසින් වූ ‍මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jun 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අළුයම (16) අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jun 2016

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ සංචාරයක
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (15) උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය.

16 Jun 2016

නාවික හමුදාධිපතිතුමන් විසින් කැබිතීගොල්ලැවේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

වකුගඩු රෝගය වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

15 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් කුචිචවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) කුචිචවේලී ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

15 Jun 2016

සාලාව අවි ගබඩා පිපිරීමෙන් විනාශ වූ කොස්ගම රජයේ රෝහල පිළිසකර කිරීමට නාවික හමුදාවේ සහාය

පසුගිය දින සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාවේ සිදු වූ පිපිරීම හේතුවෙන් විනාශ වූ කොස්ගම රජයේ රෝහල නැවත පිළිසකර කිරීමේ කටයුතු නාවික හමුදාව විසින් ඊයේ (12) රාත්‍රී ආරම්භ කරන ලදී.

13 Jun 2016

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් සාම්පූර්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (12) සාම්පූර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

13 Jun 2016

නාවික හමුදාව මගින් පැවැත්වූ භූජලතරණ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය අප්‍රේල් මස 27 වන දින මුල්ලිකුලම, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේදී ආරම්භ කෙරුණු භූජල තරණ පාඨමාලාවේ දෙවන අදියරේ නිමාව සනිටුහන් කිරීමේ අභ්‍යාසය පසුගිය 9 වන දින වාකරේ, ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට ආසන්න මුහුදූ තීරයේදී පැවැත්විණි.

11 Jun 2016

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදිත අධි තාක්ෂණික නෞකාව දියත් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කරනු ලබන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාව දිය මතට දියත් කිරීමේ උත්සවය අද (10) ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

10 Jun 2016