වැදගත් සිදුවීම්

රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නෞකාව කොළඹ වරායට පැමිණේ

රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නැමැති මුදවාගැනීමේ නෞකාව සුහද චාරිකාවාරයක් සඳහා අද (24) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

24 Sep 2015

මුහුදේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු නාවික හමුදාව බේරා ගනියි

යාපනය, ඉරනතිව් දූපතට නාවික සැතපුම් 5ක් පමණ බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු බේරා ගැනීමට ඊයේ (23) නාවික හමුදාව සමත්විය.

24 Sep 2015

“දියකාවා” යුද අභ්‍යාසයේ අවසන් දින සම්භාවනීය අමුත්තෙකු වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වේ

ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයන් විසින් ඒකාබද්ධව සිදුකරන ලද “දියකාවා” ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් දින මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්භාවනීය අමුත්තෙකු වශයෙන් සහභාගී විය.

23 Sep 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ

යාපනය, කෝවිලන් තුඩුව ප්‍රදේශයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (23)අත්අඩංගුවට ගන්නා ලදී.

23 Sep 2015

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල නියැළුනු පුද්ගලයින් 18 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (21) සමත්විය.

22 Sep 2015

ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ නිල වෙබ් අඩවිය එළි දක්වයි

ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (22) එළිදක්වන ලදී.

22 Sep 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහය වේ

පේදුරුතුඩුවට ඊසාන දිගින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් ඊයේ (21) සවස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් අතර, ඒ සඳහා නාවික හමුදාව සහය විය.

22 Sep 2015

ධීවර යාත්‍රාවක සිටි රෝගියකු හට නාවික හමුදා සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද (21) උදෑසන ඔලුවිල් සිට නාවික සැතපුම් 45ක දුරක තිබූ “මනෝච් මල්ලි 10” නැමති ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු බේරා ගැනීම සඳහා නාවික යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කරනු ලැබීය.

21 Sep 2015

උතුරු මුහුදේ දී ආපදාවටපත් ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව බේරාගනී

පසුගිය ඉරිදා (20) උදෑසන අනලතිව් දූපතට බටහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ආපදාවටපත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.

21 Sep 2015

ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදය නාවික හමුදාධිපතිට උපහාර දක්වය

ජනාධිපති බාලදක්ෂයකු මෙන්ම රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ යාවජීව සාමාජිකයකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාහට උපහාර දැක්වීමේ උත්සවයක් ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී සැප්තැම්බර් මස 19 වන දින පැවැත්විණි.

20 Sep 2015