වැදගත් සිදුවීම්

නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා අබාන්ස් පුද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ගෘහ විදුලි උපකරණ සඳහා දිවයිනේ ප්‍රමුඛතම ආයතනයක් වන අබාන්ස් පුද්ගලික සමාගම ඉදිරිපත් වූ අතර, ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් නංවාලීම සඳහා නාවික හමුදාව විසින් ගනු ලබන ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ඊට අදාල ප්‍රේෂණපත 2015 ඔක්තෝබර් මස 01 වන දින අබාන්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරි ලලින්ද්‍ර බ්‍රාහ්මන මහතා විසින් නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනමන ලදී.

01 Oct 2015

ගංවතුරින් විපතට පත්වූවන්ට නාවික හමුදා සහය

දිවයිනේ පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුර තර්ජනයට මුහුණ දුන් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව පියවර ගන්නා ලදී.

01 Oct 2015

රඹෑව සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් පවත්වයි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රඹෑව ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 29 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උත්සව ශාලාවේදී පැවැත්විණී.

01 Oct 2015

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන්හට විශේෂ යෝගා වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2015 සැප්තැම්බර් මස 30 වන විශේෂ යෝගා වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

30 Sep 2015

උතුරු නාවික විධානයේ නාවික හමුදා සමාජ මෙහෙවර

උතුරු නාවික විධානයේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් ක්ෂේත්‍ර අක්ෂි සායන 02 ක් මාදගල් සහ කන්කසන්තුරෙයි යන ප්‍රදේශවලදී උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 24 සහ 25 යන දිනයන්හිදී පවත්වන ලදී.

30 Sep 2015

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කිරීම සඳහා සැප්තැම්බර් මස 25 වන දින චාරිකාවක් සිදු කරන ලදී.

29 Sep 2015

රෝගාතුර වූ නාවිකයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද දින (29) හොරින් ට්‍රේඩර් නමැති වෙළඳ නෞකාවේදී හදිසියේ රෝගාතුරවූ නාවිකයෙකු ප්‍රථිකාර සදහා ගොඩබිමට රැගෙන ඒමට සහාය විය.

29 Sep 2015

ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය

2015 සැප්තැම්බර් මස 28 වන දින කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 28 දින අත්අඩංගුවට ගැනීමට සමත් විය.

29 Sep 2015

නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ විශාලතම එල්පී ගෑස් ආනයන සහ සැපයුම් සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2015 වර්ෂයේ නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වූ අතර, ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් නැංවීම සඳහා නාවික හමුදාව විසින් ගනු ලබන ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ඊට අදාල ප්‍රේශණපත 2015 සැප්තැම්බර් මස 25 වන දින ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ (විකුණුම් හා අලෙවි) චමින්ද එදිරිවික්‍රම මහතා විසින් නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනමන ලදී.

28 Sep 2015

ධීවරයෙකුගේ මළසිරුරක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය

දිවයිනට ගිනිකොණ දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවන අතරතුර පැපොල රෝගය උත්සන්න වීම හේතුවෙන් ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් තුලදී මියගිය ධීවරයෙකුගේ මළ සිරුර ගොඩබිමට ගෙන ඒම සදහා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු නිරීක්ෂක නෞකාවක් වන සාගර නෞකාව අද දින (28) සහය ලබා දෙන ලදී.

28 Sep 2015