වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති ගිනිකොන නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඔක්තෝබර් මස 10 වන දින ගිනිකොන නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවිය.

11 Oct 2015

ශ්‍රී ලංකා නාවික හමුදා විවෘත තුන්ප්‍රයාම තරඟාවලිය නොවැම්බර් මසදී පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන 2015 විවෘත තුන්ප්‍රයාම තරඟාවලිය නොවැම්බර් මස 01 වන දින උදෑසන 0630ට දික්ඕවිට ධීවර වරාය හා උස්වැටකෙයියාව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

10 Oct 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දහනව දෙනෙකු අත්අඩංගුවට ගැන

පේදුරු තුඩුවට සහ වෙත්තලකර්නි ප්‍රදේශයන්ට නැගෙනහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) අත්අඩංගුවට ගන්නා ලදී.

10 Oct 2015

ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දස දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබයි

වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානය කිරීමේ උත්සවය, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

08 Oct 2015

25 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඉන්දීය නාවික හමුදා “සාවිත්‍රි” නෞකාවේදී පවත්වයි

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර වාර්ෂික පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව මෙම මස 07 වන දින කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ “සාවිත්‍රි” නෞකාවේදී පවත්වන ලදී.

08 Oct 2015

ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ බඳවාගැනීම් හා විභාග අංශයේ අධ්‍යක්ෂකතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ බඳවාගැනීම් හා විභාග අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය බුපින්දර් ෂුට්ශි මහතා අද (07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

07 Oct 2015

බංග්ලාදේශ සන්නද්ධ සේවා යුද පාඨමාලාව හදාරන අධ්‍යයන කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් 46 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් අද (06) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

06 Oct 2015

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ නාවික සෙබළ අංශ නාවිකයකු වශයෙන් රාජකාරී කළ නායක සෙබළ ජේකේටීආර් පෙරේරා, නිවුමෝනියා රෝගී තත්වය හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ බිරිඳ වෙත රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.

06 Oct 2015

උතුරේ සිවිල් වැසියන්ට නාවික හමුදාවෙන් ගිලන් යාත්‍රාවක්

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව, උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට සේවය සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් යාත්‍රාවක් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා වෙත භාරදීම අද (05) කිලිනොච්චියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

05 Oct 2015

ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය

2015 ඔක්තෝබර් මස 01 වන දින සවස යාපනය, පේදුරුතුඩුවට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

02 Oct 2015