වැදගත් සිදුවීම්

මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන් සඳහා නෞකාවන්ට ප්‍රවිශ්ඨ වීම සහ සෝදිසි කිරීම පිළිබඳ නිරූපනයක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කලාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගිය 13 වන දින ආරම්භ විය.

15 Oct 2015

ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 5 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ සුරුක්කු දැලක් ඊයේ (14) දහවල් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

15 Oct 2015

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට ගැනේ

පේදුරු තුඩුවට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (14) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

14 Oct 2015

ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනයක් උතුරු මැද නාවික විධානයේ විවෘත කරයි

පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අළුතින් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය 2015 ඔක්තෝබර් මස 12 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් විවෘත කරන ලදී.

14 Oct 2015

ඇමරිකානු නාවික හමුදාව විසින් දියයට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළයේදී

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශ නාවිකයින් සඳහා දියයට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ සති දෙකක පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේදී පවත්වන ලදී.

14 Oct 2015

නාවික හමුදාධිපති ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය අමතයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය, මත්ද්‍රව්‍ය උවදුරෙන් ශ්‍රී ලංකාව මුදවාගැනීම සඳහා නියමු මෙහෙවරක යෙදී සිටින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.

14 Oct 2015

මවගේ ජීවිතය බේරාගත් රොමේෂ්ගේ වීර ක්‍රියාව නාවික හමුදාවේ ඇගයුමට

ජීවිතය පරදුවට තබා මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සටන් කළ යාය 2, දික්වැව, සේනපුර ලිපිනයේ පදිංචි රොමේෂ් මධුවන්ත තරුණයා හට ඔහු විසින් කළ අභීත ක්‍රියාව ඇගයීම සඳහා නාවික හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් රුපියල් 50,000ක ප්‍රේෂණපතක් ලබාදෙන ලදී.

14 Oct 2015

විදෙස් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් සංවිධානය කරනු ලබන 2015 හර්මන් ලූස් කඳවුර නැරඹීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, ‍නේපාලය හා පාකිස්ථානය යන රටවලට අයත් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් අද (13) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

13 Oct 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 04ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගන්නා ලදී.

13 Oct 2015

දියගම පැවති 2015 ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ ජයග්‍රහණය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම හිමිකර ගනියි

2015 ජාතික බේස්බෝල් ශූරතාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.

11 Oct 2015