වැදගත් සිදුවීම්

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2015 ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2015 ඔක්තෝබර් මස 27 වන දින ආරම්භ කෙරුණු අතර එය නොවැම්බර් මස 1 වන දින දක්වා ත්‍රිකුණාමළය මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

27 Oct 2015

නාවික හමුදා කිමිදුම් හා ගොඩ ගැනීමේ ඒකකයේ 50 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි

ත්‍රිකුණාමළ නාවික තඨාකාංගණයේ අද (26) පැවැති නාවික හමුදා කිමිදුම් හා ගොඩ ගැනීමේ ඒකකයේ 50 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

26 Oct 2015

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික අංශ නාවිකයකු වශයෙන් රාජකාරී කළ එච්ඒඒ තිලක්, හදිසි අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ බිරිඳ වෙත රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.

24 Oct 2015

බංග්ලාදේශ නාවික හමුදාවේ “අබු බකර්” නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවේ “අබු බකර්” නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් මහ්මුදුල් මලික් මහතා සහ මධ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අද (21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

21 Oct 2015

බංග්ලාදේශ් නාවික හමුදාවේ “අබු බකර්” නෞකාව කොළඹ වරායට පැමිණේ

බංග්ලාදේශ් නාවික හමුදාවේ “අබු බකර්” නෞකාව සුහද සංචාරයක් සඳහා අද (20) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

20 Oct 2015

දකුණු කොරියානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති අතිගරු චෑන් වොන්-සෑම් මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

19 Oct 2015

2015 අන්තර් විධාන පැසිපන්දු ශූරතාවලිය

2015 අන්තර් විධාන පැසිපන්දු ශූරතාවලිය, නාවික හමුදාවේ සියළුම විධාන පැසිපන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස 12 වන දින සිට 17 වන දින දක්වා මුල්ලිකුලම්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේදී පැවැත්විය.

19 Oct 2015

උතුරු මැද නාවික විධානය ලේ දන්දීමේ ක‍ඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල විසින් මුලතිව් දිසා රෝහල හා මුලතිව් ලේ බැංකුව සමග එක්ව ලේ දන්දීමේ කඳවුරක් ඔක්තෝබර් මස 16 වන දින පූනෑව පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්විය.

18 Oct 2015

223 වන බඳවාගැනීමට අයත් නාවිකයන් 366 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 223 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 366 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට විසිරයාමේ පෙළපාලිය බූස්ස පිහිටි ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී 2015 ඔක්තොම්බර් මස 17 වන දින පැවැත්විණි.

17 Oct 2015

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ යාත්‍රික අංශ නාවිකයකු වශයෙන් රාජකාරී කළ බලනැවි වයිබී ධර්මසේන, හදිසි රිය අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා වෙත රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.

16 Oct 2015