වැදගත් සිදුවීම්

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත මුර සංචාරයේ යෙදී සිටි ඩිංගි යාත්‍රාවක් විසින් කල්ලාරු සහ කොණ්ඩච්චිකුඩා මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක්, මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 175ක් සහ කිමිදුම් කටයුතු සඳහා යොදාගන්නා මුහුණු ආවරණ 4ක් ඊයේ (05) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

06 Nov 2015

නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය

යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, උතුරු නාවික විධානයේ සහයෝගයෙන් නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

04 Nov 2015

ඉන්දු-ලංකා නාවික අභ්‍යාසය SLINEX 2015 සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ත්‍රිකුණාමළය මුහුදේ පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය SLINEX 2015 අද (1) සාර්ථකව නිමාවට පත්විය. කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීමට මෙන්ම පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට දෙරටෙහි නාවික හමුදාවන්ට මෙම සාගරික අභ්‍යාසය ඉතා වැදගත් විය.

01 Nov 2015

තුන්ප්‍රයාම තරඟයෙන් නාවික හමුදාව දස්කම් දක්වයි

උද්යෝගිමත් තරඟ රටාවකින් හා ආකර්ශනීය ත්‍යාගයන්ගෙන් සමන්විතව දික්ඕවිට ධීවර වරාය හා අවට ප්‍රදේශය මූලික කරගනිමින් නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කළ නාවික හමුදා තුන්ප්‍රයාම තරඟාවලිය අති සාර්ථක අයුරින් අද (1) නිමාවට පත්විය. අදියර කිහිපයක් යටතේ පැවති මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා දිවයිනේ ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සංගම් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 80ට වැඩි ප්‍රමාණයක් සහභාගී විය.

01 Nov 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) අත්අඩංගුවට ගන්නා ලදී.

01 Nov 2015

නාවික හමුදාධිපති නයිජීරියානු මහකොමසාරිස්තුමන් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (30) කොළඹ, නයිජීරියානු මහකොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහකොමසාරිස් අතිගරු එස්.යූ. අහමඩ් මහතා හමුවිය.

30 Oct 2015

බටහිර නාවික විධානය හැඳල ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

බටහිර නාවික විධානය විසින් 2015 ඔක්තෝබර් මස 27 වන දින හැඳල, බලගල සදාසරණ අප දේවමාතා දෙව් මැදුරේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්විය.

30 Oct 2015

2015 අන්තර් විධාන ගොඩබිම් සටන් පුහුණු තරඟාවලිය

ත්‍රිකුණාමළය නාවික කඳවුරේ වෙඩි පිටියේ දී අද (29) පැවති 2015 අන්තර් විධාන ගොඩබිම් සටන් පුහුණු තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

29 Oct 2015

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත ආචාර්ය උපාධියක් ප්‍රදානය කරයි

හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයනාත් කොළඹගේ, ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, ආර්සීඩීඑස්, පීඑස්සී, එම්එස්සී(ඩීඑස්), එම්ඒ(අයිඑස්), ඩිප් ඉන් අයිආර්, ඩිප් ඉන් සීආර්, එ‍ෆ්එන්අයි (ලන්ඩන්) මහතා හට ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරිනැමීය.

29 Oct 2015

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) ඩීඒ විජේගුණවර්ධන මහතා විසින් අද (28) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පළමු පොපි ප්‍රදානය කරන ලදී.

28 Oct 2015