වැදගත් සිදුවීම්

5 වසර ශිෂ්‍යත්ව විභාගය උසස් ‍ලෙස සමත් වූ සිසුන් නාවික හමුදාවේ ඇගයීමට

බොහෝ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරමින් තම අධිෂ්ඨානය හා කැපවීම මත 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 163 ක් ලබා ගනිමින් උසස් ලෙස සමත්වූ සහ ලකුණු 70 ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා ලද කල්පිටිය, මොහොත්තුවාරම ප්‍රාථමික පාසලේ සිදු දරු දැරියන් 7 දෙනෙකු නාවික හමුදාවේ ඇගයීමට ලක් කෙරිණි.

13 Nov 2015

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් නාවික හමුදාධිපති හමුවෙයි

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ උප සභාපති බර්නාඩ් දුහාමි මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (10) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

10 Nov 2015

සිය 50 වන සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජපාන නාවික නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

සෝමාලියානු මුහුදු සීමාවේ සහ ඒඩ්න් කළාපයේ මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් දෙක අද දින (10) දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා කොළඹ වරායට සේන්දු විය.

10 Nov 2015

සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක් නාවික හමුදාව විසින් සොයාගැනේ
 

ලද තොරතුරකට අනුව සිලාවතුර සවාරියපුරම් ප්‍රදේශයේ කැලයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක ප්‍රමාණයක් වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් විසින් නොවැම්බර් මස 9 වන දින සොයා ගන්නා ලදී.

10 Nov 2015

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය නාවික හමුදාධිපති හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය වන ක්ලෙයාර් මෙට්‍රොඩ් මහත්මිය අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

09 Nov 2015

තුර්කි තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු ටුන්කා ඔසුකුහාදර් මහතා අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

09 Nov 2015

උතුරු නාවික විධානය කරෙයිනගර් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වය

උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු නාවික විධානය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව කරෙයිනගර් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් 2015 නොවැම්බර් මස 07 වන දින වෛද්‍ය ත්‍යාගරාජා මධ්‍ය විද්‍යාලයේදී ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වන ලදී.

09 Nov 2015

අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය 2015

2015 අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේ හොකී ක්‍රීඩා පිටියේදී නොවැම්බර් මස 06 සහ 07 යන දිනයන්හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

09 Nov 2015

සටනේදී දිවිදුන් රණවිරුවන් අනුස්මරණය කෙරේ

මව් බිම වෙනුවෙන් ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (08) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.

08 Nov 2015

අනලතිව් දූපතට විදුලිය දෙන්න නාවික හමුදාවේ සහාය

අනලතිව් දූපතට විදුලිය ලබාදීම සඳහා විදුලි ආම්පන්න ප්‍රවාහනය කර දෙන මෙන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නාවික යාත්‍රා දෙකක් ඒ සඳහා යෙදවිය.

08 Nov 2015