වැදගත් සිදුවීම්

ජපාන නාවික හමුදාවේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලඝණයේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ටකාහිරෝ යම්ෂිතා මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Feb 2016

රාජාංගනය ජලාශයේ අක්‍රීයව තිබූ වම් ඉවුරේ සොරොව් දොරටුව නාවික හමුදාව යථා තත්ත්වයට පත් කරයි
 

සතියක පමණ කාලයක් අක්‍රීයව තිබූ රාජාංගනය ජලාශයේ වම් ඉවුරේ සොරොව් දොරටුව දින දෙකක දැඩි පරිශ්‍රමයකින් පසුව නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහායෙන් නැවත යථා තත්වයට පත් කිරීමට හැකි විය.

03 Feb 2016

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් අසූ එක් දෙනෙකු ජනපති අතින් අධිකාරියට පත් කෙරේ

53 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 81 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (2) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදී.

03 Feb 2016

අතුරුදහන් වූ ධීවරයින්ගේ මළ සිරුරු නාවික හමුදාවෙන් සොයා ගනියි
 

පසුගිය 29 වන දින ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “සාගර පුතා 3” බහුදින ධීවර යාත්‍රාව ජනවාරි 31 වන දින කුඩා රාවණා කොටුවට නාවික සැතපුම් 40ක් පමණ ගිණිකොන දෙසින් වූ ඈත දියඹේ දී වෙළඳ නෞකාවක ගැටීමෙන් අනතුරට පත් විය.

02 Feb 2016

කන්තලේ ලේක් ෆ්රන්ට් නිවාඩු නිකේතනයේ අභිනවයෙන් ඉදිකරන ලද කාමර 5 ක් නාවික හමුදාධිපතිතුමා විසින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන කන්තලේ ලේක් ෆ්රන්ට් නිවාඩු නිකේතනයේ අළුතින් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත කාමර 5 ක් ඊයේ (1) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.

02 Feb 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්එක් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 31 වන දින බත්තලංගුන්ඩුව සහ කිඹුල්බොක්ක යන මුහුදු ප්‍රදේශයන්හිදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිස්එක් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 8 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

01 Feb 2016

නාවික හමුදා පිල ජාතික දැල්පන්දු ශූරතාවය දිනා ගනියි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ලකුණු 53-52 වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරදා ජාතික දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත්විය.

01 Feb 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට ගැනේ

අනලතිව් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගන්නා ලදී.

31 Jan 2016

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

30 Jan 2016

රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

30 Jan 2016