වැදගත් සිදුවීම්

නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී ‍රෝද රථයක් පරිත්‍යාග කෙරේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයට අනුයුක්තව සේවය කරන නායක නැවි සුනන්ද ජයලත් වෙත නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී රෝද රථයක් පරිත්‍යාග කිරීම අද (2) නාවික හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිණි.

02 Mar 2016

කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ආරාධිතයකු වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අද (01) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

02 Mar 2016

කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින්, මන්නාරම එළුත්තූර් ප්‍රදේශයේදී යතුරු පැදි දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 2.7ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෙබරවාරි මස 29 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

01 Mar 2016

පලෙයිතිව් මංගල්‍යයට නාවික හමුදාව පහසුකම් සපයයි
 

පලෙයිතිව් දූපතේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

29 Feb 2016

එලුවතිව් දූපතට විදුලිය දෙන්න නාවික හමුදාවේ සහාය
 

එලුවතිව් දූපතට විදුලිය ලබාදීම සඳහා විදුලි ආම්පන්න ප්‍රවාහනය කර දෙන මෙන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම මත ඒ සඳහා නාවික හමුදාව සහාය විය.

29 Feb 2016

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්වේච්ජා විශේෂ ක්‍රමය යටතේ බඳවාගෙන සිටි සිවිල් ඉංජිනේරු කාර්මික එම් අමරසේකර යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ලබාදෙන ලදී.

29 Feb 2016

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 
 

පසුගිය 17 වන දින මීගමුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “මරිනි දුව 01” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් අද (27) සවස කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

28 Feb 2016

නාවික හමුදාව ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් ස්ථාපනය කරයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පද්ධතිය ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.

27 Feb 2016

සැපයුම්, භාණ්ඩ හා සේවා සම්මන්ත්‍රණයක් ප්‍රථම වරට ත්‍රිකුණාමළයේදී පවත්වයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ 2016 සැපයුම් හා භාණ්ඩ සේවා පිළිබඳ සම්මන්ත්‍රණය ත්‍රිකුණාමළය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී අද (26) පැවැත්විණි.

26 Feb 2016

9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා නාවික හමුදාවේ සහාය
 
 

මිත්‍රත්වය හා අවබෝධය යන තේමාව යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පෙබරවාරි මස 26 වන දින යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් විය.

26 Feb 2016