වැදගත් සිදුවීම්

විශ්‍රාමික හමුදා පුද්ගලයින් හට ඉහළ වැටුප් සහ වරප්‍රසාද හිමි වන බවට නොමඟ යවමින් රුසියා - යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධව දැනුවත් කිරීමයි

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා පුද්ගලයින් හට රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට අනුයුක්තව ඉහළ වැටුප් සහ පුරවැසිභාවය ඇතුළු විශාල වරප්‍රසාද හිමි වන බවට නොමඟ යවමින් ඔවුන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් රුසියානු - යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

08 May 2024

නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නාවිකයින් වෙනුවෙන් එක් දින වැඩමුළුවක් සාර්ථකව පවත්වයි

නාවික හමුදාවේ සියළුම අංශයන්ගේ ජ්‍යේෂ්ඨතම නාවිකයින් (Branch Head Sailors), ආයතන සහ නෞකාවන්ගේ විනය පාලකවරුන්, ජ්‍යේෂ්ඨ නාවික නිවාස සභාපතිවරුන්, පුහුණු පාසල් ප්‍රධාන සරඹ උපදේශකයින් සහ ප්‍රධාන උපදේශකයින් වෙනුවෙන් එක් දින වැඩමුළුවක් 2024 මැයි මස 03 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

06 May 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සිසිර දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සිසිර දිසානායක අද දින (2024 මැයි 05) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

05 May 2024

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් හත් දෙනෙකු (07) විසිරයාමේ උත්සවය, නැගෙනහිර නාවික විධානයේ වැඩ බලන ආඥාපති හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 මැයි 04) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

04 May 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අද දින (2024 මැයි 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

04 May 2024

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ධූරය නාවික හමුදාවෙන් යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිගේ පදවි ප්‍රාප්ති උළෙල, 2024 අප්‍රේල් මස 26 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාපීඨ පීඨාධිපති මහාචාර්‍ය අලෝක පතිරණ මහතාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් කොළඹ ගලධාරී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

03 May 2024

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් ගරු Major General (R) Faheem Ul Aziz අද දින (2024 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

30 Apr 2024

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් නාවිකයෙකු වෙත කෘතීම පාදයක් පිරිනමයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහන යටතේ බලනැවි අයිඩීඑන් තිලක් කුමාර (විශ්‍රාමික) යන නාවිකයා වෙත කෘතීම පාදයක් පිරිනැමීම, 2024 අප්‍රේල් මස 30 වන දින එම නාවිකයාගේ නිවසේදී සිදුකෙරිණි.

30 Apr 2024

චීනයේ පැවති "19 වන බටහිර ශාන්තිකර කලාපීය නාවික සමුළුව" සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි

මහජන චීන සමූහාණ්ඩුව විසින් සංවිධානය කරන ලද 19 වන බටහිර ශාන්තිකර නාවික සමුළුව (19th Western Pacific Naval Symposium), 2024 අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර චීනයේ Shandong පළාතේ Qingdao වරාය නගරයේදී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහභාගී විය.

29 Apr 2024

‘Navy Cup Sailing Regatta - 2024’ ගාලු මුව‍දොර මුහුදු තීරයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

‘Navy Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 අප්‍රේල් මස 26 සහ 27 දෙදින ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම 2024 අප්‍රේල් මස 27 දින ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ සහභාගීත්වයෙන් එම වෙරළ තීරයේදී පැවැත්විණි.

28 Apr 2024