වැදගත් සිදුවීම්
මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරියේ නිරතව සිටි ඉංජිනේරු කාර්මික ජීඑස්එස් අබේවීර යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ලබාදෙන ලදී.
16 Sep 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

බටහිර නාවික විධානයට අයත් කොළඹ වරායෙහි පිහිටි, ශ්‍රීලංනානෞ රංගල සහ වැලිසර හි පිහිටි, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (15) කඳාන ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
16 Sep 2016
පොල්පිතිගම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් පොල්පිතිගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
15 Sep 2016
ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා සහ සහකාර ශ්‍රී ලංකා චීන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චෑන්ග් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
15 Sep 2016
නිලධාරීන් පිරිසක් විසින් නාවික හමුදාවට රෝද පුටු පරිත්‍යාග කෙරේ

චීනයේ වූහාන් හී පිහිටි නාවික ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ පාඨමාලාවන් හදාරා පැමිණි නාවික හමුදා නිලධාරින් පිරිසක් විසින් නාවික හමුදාව වෙත රෝද පුටු 10 ක් පරිත්‍යාග කරන ලදී.
15 Sep 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දාහතර දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (13) සාම්පුර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දාහතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
15 Sep 2016
වැලිසර ඉදිකරන ලද නාවික නිවාස සංකිරණය ආරක්ෂක ලේකම්තුමන් අතින් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් අනුව බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිරණය අද (14) ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණසේන හෙට්ටිආරචිචි මහතා අතින් විවෘත කරන ලදී.
14 Sep 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) මුන්දම්පිඩ්ඩි පෙරියාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
14 Sep 2016
නාවික හමුදාව මගින් මොණරාගල ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
13 Sep 2016
විශ්‍රාමික ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් රාජකාරී සිදු කර ඊයේ (12) විශ්‍රාම යනු ලැබූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
13 Sep 2016