වැදගත් සිදුවීම්

නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමා විසින් විවෘත කෙරේ

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ආරාධනයකට අනුව ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිල්ල අද (3) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.

03 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමලය නාවික තඨාකංගණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) නෝර්වේ දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙකු ඒ සඳහා යොදා ගත් යාත්‍රාවක්, නීති විරෝධී දැලක් සහ පාවරල් යුගලක් සමග අත්අඩංගුවට ගන්නා ලදී

03 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගැනේ

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) උඩප්පුව සහ සින්නපාඩු අතර මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකු ඒ සඳහා යොදා ගත් යාත්‍රා 3 ක්, ඔක්සිජන් ටැංකි 5 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගලක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

03 Apr 2016

නාවික හමුදාධිපතිතුමන් නාගදීප විහාරයේ වළාකුළු බැම්ම නිරාවරණය කරයි
 

නාගදීප පුරාණ විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එවකට නාගදීප විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පරම පූජනීය බ්‍රාහ්මනවත්තේ දම්මකිත්ති මහා නාහිමිපානන්ගේ 13 වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් ගුණානුස්මරන පිංකම් මා‍ලාවක් එම විහාරස්ථානයේදී පැවැත්විණි.

03 Apr 2016

අබිං කිලෝග්‍රෑම් 15 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඔ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් පසුගිය (1) දින සිලාවතුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අබිං කිලෝග්‍රෑම් 15.4 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

03 Apr 2016

නාවික හමුදා සාගරික කයක් ගවේශණ කණ්ඩායම ශ්‍රී ලංකාව වටා යාත්‍රා කරයි
 

නාවික හමුදාවේ කයක් ගවේශණ කණ්ඩායම 2016 පෙබරවාරි මස 19 වන දින යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර් දූපතේ දී කිලෝමීටර් 1251 ක දුරක දිවයින වටා යාත්‍රා කිරීම ආරම්භ කරන ලද අතර, බස්නාහිර, දකුණ, නැගෙනහිර හා උතුරු මුහුදු තීරයන් ඔස්සේ අති දුෂ්කර හා වෙහෙසකර යාත්‍රා කිරීමකින් පසු ඊයේ (2) කරෙයිනගර් වෙරල තීරයේදී සිය මුහුදු ගවේශණය ඉතා සාර්ථකව නිම කරන ලදී.

03 Apr 2016

225 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 328 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 225 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 328 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමාවට පත් කරමින් අද (2) විසිර යන ලදී. පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී පවත්වන ලද එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා සහභාගී විය.

02 Apr 2016

හෙරොයින් කිලෝ 101 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට (මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද විශාලම තොගයයි)

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකින් දකුණු මුහුදේ දී මෙරටට ගෙන එමින් සිටි හෙරොයින් කිලෝග්‍රෑම් 101 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

01 Apr 2016

ප්‍රථම වරට එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් “බ්ලු රිජ්” නෞකාවේදී පැවැත්වෙයි

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් ප්‍රථම වරට “බ්ලු රිජ්” නෞකාවේදී පසුගිය 29 වන දින පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව වෙනුවෙන් 7 වන නෞකා දියත් විධානයේ කපිතාන් වෙස් බැනිස්ටර් මහතා ප්‍රමුඛ නිලධාරී මඩුල්ලක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මඩුල්ලක් සහභාගී විය.

01 Apr 2016

සාම්පූර් මහා විද්‍යාලය නැවත ලබාදුන් නාවික හමුදාවට ශ්‍රී ලංකා එක්සත් දමිළ ගුරු සංගමයේ ප්‍රශංසාව

සාම්පූර් නාවික කඳවුරට අයත් භූමි ප්‍රදේශයේ ස්ථාපිතව තිබුණු සාම්පූර් මහා විද්‍යාලය, ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් නැවත ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා දමිළ එක්සත් ගුරු සංගමය නාවික හමුදාවට සිය ස්තූතිය පිරිනමා ඇත.

01 Apr 2016