වැදගත් සිදුවීම්

නාවික හමුදාව ලේ දන්දීමේ ක‍ඳවුරු දෙකක් පවත්වයි
 
 

ශ්‍රද්ධා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ජාලයෙහි ගරු අනුශාසක, පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් ලේ දන්දීමේ කදවුරු දෙකක් බටහිර නාවික විධානයේ දී සහ නැගෙනහිර නාවික විධානයේ දී පවත්වන ලදී.

12 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නච්චිකුඩා, ශ්‍රීලංනානෞ බුවනෙක අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) උරුමානෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 2 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී තංගුස් දැල් 2ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

12 Apr 2016

ශ්‍රී ලංකා නාවික හමුදා‍ බක්මහ උළෙල - 2016 වැලිසර දී පැවැත්වෙයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුදු බක්මහ අසිරිය 2016, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී ඊයේ (10) ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

11 Apr 2016

ජපාන නාවික හමුදා නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් ද්විත්වය දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා අද (11) කොළඹ වරායට සේන්දු විය.

11 Apr 2016

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, බහුපාර්ශ්වික කොමෝඩෝ (Komodo MNEK 2016) නාවික අභ්‍යාසයට සහ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා අප්‍රේල් මස 5 වන දින කොළඹ වරායෙන් ඉන්දුනීසියාව බලා පිටත්ව යන ලදී.

11 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නච්චිකුඩා, ශ්‍රීලංනානෞ බුවනෙක අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) ඉරනතිව් ප්‍රදේශයට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 4 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 2ක් සහ නීති විරෝධී තංගුස් දැල් 3ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

10 Apr 2016

සේවා වනිතා අවුරුදු පොළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද සේවා වනිතා අළුත් අවුරුදු පොළ ඉතා උත්කර්ෂවත් අයුරින් අද (9) ශ්‍රී ලංකා ‍නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී පැවැත්විණි.

09 Apr 2016

ඉන්දීය ධීවරයින් 96 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 9 කට නිදහස
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (9) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

09 Apr 2016

නාවික හමුදාධිපතිතුමා සහ පොලිස්පතිතුමා අතර සුහද හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී
 

විශ්‍රාම යාමට නියමිත පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා අද (8) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවූ අතර, නාවික හමුදා සම්මාන ආචාරමුරයක් මගින් එතුමා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. වසර 5ක පමණ කාලයක් පොලිස්පතිවරයා වශයෙන් සිදුකළ ආදර්ශමත් සේවය එහිදී නාවික හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

08 Apr 2016

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (7) ඉරනතිව් ප්‍රදේශයට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මුහුදු කූඩැල්ලන් 200 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පාවරල් යුගල් 4 ක් ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

08 Apr 2016