වැදගත් සිදුවීම්

ඉන්දීයානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

දින 6 ක නිල සංචාරයක් සඳහා පසුගිය 14 වන දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Apr 2016

ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් වැලිසර දී ක්‍රීඩා තරඟ හා විවිධ ප්‍රසංගයක් පවත්වයි
 

දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා නාවික හමුදා සහ ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් අද (16) ශ්‍රී ලංකා නාවික ‍නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා තරඟ කීපයක් පවත්වන ලදී.

16 Apr 2016

ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් උස්වැටකෙයියාව මුහුදු තීර‍ය පිරිසිදු කරයි
 

පසුගිය 15 වන දින පුහුණු සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ තීර්, සුජාතා සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවන්ගෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණයට අයත් ඉන්දියානු නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන නිලධාරීන් විසින් අද (16) ඒකාබද්ධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

16 Apr 2016

ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ත්‍රිකුණාමලයේ නිල සංචාරයක නිරත වෙයි

දින 6 ක නිල සංචාරයක් සඳහා පසුගිය දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය ඊයේ (15) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ සංචාරයක් සඳහා එක්විය.

16 Apr 2016

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගුවාම් හි පුහුණු සැසියක් සඳහා සහභාගී වෙයි
 
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර කිරීමේ ජංගම ඒකකයේ (5 වන) නාවිකයන් පිරිසක් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 දෙනෙකුගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායමක්, කිමිදුම් පුහුණු අභ්‍යාසයක් සඳහා මේ වන විට සහභාගී වෙමින් සිටී.

15 Apr 2016

ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දක්වයි
 

ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය දින 6 ක නිල සංචාරයක් සඳහා ඊයේ (14) දිවයිනට පැමිණෙන ලදී.

15 Apr 2016

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු නාවික බලඝණය කොළඹ වරායට පැමිණේ
 
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ටිර්, සුජාතා යන යුද නෞකාවන් සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණය අද (15) උදෑසන පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

15 Apr 2016

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

13 Apr 2016

නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගනිති

නිලාවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (12) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

13 Apr 2016

නාවික හමුදාධිපතිතුමා “සුසුනාමි” ජපන් නෞකාවේ සංචාරයක නිරත වෙයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (12) දින ජපන් සාගරික ආරක්ෂක බළඝණයේ නෞකාවක් වන “සුසුනාමි” නෞකාවේ සංචාරයක නිරත විය

12 Apr 2016