වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් දියේ ගිලුනු පුද්ගලයෙකු සොයා ගැනීමට සහාය වෙයි
 

ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) රසික දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් අද (24) යාපනය නිලාවරෙයි ප්‍රදේශයේ පිහිටි ඉතා ගැඹුරු ලිදක් තුලට වැටී මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගැනීමට සමත්විය.

24 Apr 2016

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 465 සහ පී 437 වේග ප්‍රහාරක යාත්‍රා මගින් ඊයේ (23) චුන්ඩිකුලම් සහ වෙත්තලකේනි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

24 Apr 2016

අ.පො.ස. සාපෙළ විභාගය ඉහලින්ම සමත් වූ ශිෂ්‍යාවට නාවික හමුදාවේ අතහිත
 

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ හත්වැනි ස්ථානයට පත්වූ පානදුර, ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලයේ ඉගනුම ලබන නාවික හමුදාවේ විශ්‍රාමික පාලක ප්‍රධාන සුළු නිලධාරී අධිකාරම්ගේ ඉන්දික මහතාගේ දියණිය වන තරුෂි අංජලිකා හට ඇයගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් ප්‍රකාරව, නාවික හමුදා සමාජ සුභසාධන අරමුදල මගින් රුපියල් 100,000 ක මුදලක් ඊයේ (22) නාවික හමුදා මූලස්ථානයේ දී ප්‍රදානය කරන ලදී.

23 Apr 2016

ඇමරිකානු නාවික හමුදාවේ ශාන්තිකර සාගරයේ විශේෂ නාවික මෙහෙයුම් විධානයට අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඇමරිකානු නාවික හමුදාවේ ශාන්තිකර සාගරයේ විශේෂ නාවික මෙහෙයුම් විධානයට අණදෙන නිලධාරී රියර් අද්මිරාල් කොලින් කිල්රේන් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

22 Apr 2016

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 4444 වේග්‍ර ප්‍රහාරක යාත්‍රාව මගින් ඊයේ (21) චුන්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ගොඩබිම දෙසට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 10 ක ප්‍රමාණයක් සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

22 Apr 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (20) නාවික හමුදාව සමත්විය.

21 Apr 2016

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස වෛද්‍ය රියර් අද්මිරාල් ජයසේකර මහතා පත්වීම් ලබයි

2016 අප්‍රේල් මස 18 වන දින සිට ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශික්ෂණ රෝහලේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා, එම්බීබීඑස්, එම්එස්සී, එම්බීඒ, යූඑස්පී, වීඑස්වී, පත් කොට ඇත.

20 Apr 2016

නව පත්වීම් ලද ඉරාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඉරාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ කර්නල් මුහම්මද් රීසා ශහාලි මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

19 Apr 2016

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු අද (19) උදෑසන 0600 ට පමණ මීගමුවේ සිට නාවික සැතපුම් 30 ක් පමණ බටහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් වන පී 475 මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

19 Apr 2016

පුහුණු සංචාරයක් සඳහා පැමිණි ඉන්දියානු නෞකාවන් හිදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
 

සිව් දින පුහුණු සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ තීර්, සුජාතා සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකා ත්‍රිත්වයේ උණුසුම් ආගන්තුක සත්කාරය ප්‍රදර්ශණය කරමින්, ඉන්දියානු නාවික නෞකා තීර් හිදී උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (18) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.

19 Apr 2016