වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.

29 Apr 2016

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) කච්චතිව් දූපතට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 6 දෙනෙකු, අත්අඩංගුවට ගන්නා ලදී.

29 Apr 2016

කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් රචිත ˝A VIEW FROM THE INTERNATIONAL MARITIME BOUNDARY LINE INDIA – SRI LANKA˝ නම් කෘතිය එළි දැක්වේ


කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම මහතා විසින් රචනා කරන ලද ˝A View from the International Maritime Boundary line India – Sri Lanka˝ නමැති සිය කුළුදුල් කෘතිය එළිදැක්වීමේ උළෙල ඊයේ (28) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාර‍යේදී පැවැත්විණි.

29 Apr 2016

26 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සාගර නෞකාවේදී පවත්වයි
 
 

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර වාර්ෂික පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (28) කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සාගර හිදී පවත්වන ලදී.

28 Apr 2016

වයඹ මුහුදේ දී ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට
 

තලෙයිමන්නාරමට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු සහ කුඩා ධීවර යාත්‍රාවන් 3 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (27) අත්අඩංගුවට ගන්නා ලදී.

27 Apr 2016

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

අධ්‍යයන චාරිකාවක් සඳහා පසුගිය 24 වන දින මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති, ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා ඇතුළු 19 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිස අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

26 Apr 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.

26 Apr 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (25) ඌරුමුනෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

25 Apr 2016

මියගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ගුණ සමරු උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචසන් මහතාගේ ආරාධනයකට අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (25) අළුයම 0530 ට බොරැල්ල කනත්තේ ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සොල්දාදුවන් අනුස්මරණය කිරීමේ ස්මාරකය අභියස පැවැති ගුණ සමරු උත්සවයට සහභාගී විය.

25 Apr 2016

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් නවදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 490 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් ඊයේ (24) චුන්ඩිකුලම් සහ චලෙයි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

25 Apr 2016