වැදගත් සිදුවීම්

කන්කසන්තුරය, ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු වලට නාවික හමුදාව සහාය වෙයි

කන්කසන්තුරය, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු පසු ගියදා සිදු කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය ද සපයන ලදී.

05 May 2016

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටෙහි ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කරන අතිගරු ජීන්-මරින් ස්කූබ් මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

04 May 2016

නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට
 

මන්නාරම, වෙඩිතලතිව් හා මඩ්ඩලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් පස් දෙනෙකු සමග කුඩා ඔරු (වල්ලම්) 5ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (03) උදෑසන සමත් විය.

04 May 2016

රාජකීය විද්‍යාලයෙන් නාවික හමුදාධිපතිතුමන් හට උපහාර
 

කොළඹ, රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හට උපහාර පිදීමේ උත්සවයක් අද (3) එම විද්‍යාලයේ දී පැවැත්විණි.

03 May 2016

තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීමේ පස්වන අදියර අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
 

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 275ක් නොමිළේ බෙදාදීම අද (02) කොළඹ, ජනාධිපති නිල නිවසේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

02 May 2016

නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් අත්අඩංගුවට ගැනේ
 

ත්‍රිකුණාමලය, උල්ලක්කේලි කලපු ප්‍රදේශයේ සඟවා තිබූ "ගන් පවුඩර්" වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.6ක් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (01) උදෑසන සොයා ගැනීමට සමත් විය.

02 May 2016

“විරුසර වරප්‍රසාද කාඩ්පත” ලබාදීමේ 6 වන අදියර හම්බන්තොට දී පැවැත්වේ
 

“විරුසර වරප්‍රසාද කාඩ්පත” ලබාදීමේ 6 වන අදියර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.

30 Apr 2016

15 වන ආරක්ෂක සේවා ආසියානු ප්‍රදර්ශනය සහ සාමය සඳහා වූ ආරක්ෂක හා ආරක්ෂාව පිළිබද සමුළුවට නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනෙක් සහභාගී වෙයි


2016 අප්‍රේල් මස 21 වන දින මැලේසියාවේ ක්වාලා-ලාම්පූර් හි පැවැත්වූ 15 වන ආරක්ෂක සේවා ආසියානු ප්‍රදර්ශනය සහ සාමය සඳහා වූ ආරක්ෂක හා ආරක්ෂාව පිළිබද සමුළුව සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ගරු දාටෝ සෙරි මොහොමඩ් නජිබ් බීන් අබ්දුල් රසාක් මහතාගේ ආරාධනාවකට අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ කොමාණ්ඩර් චතුර ගමගේ මහතා සහභාගී විය.

30 Apr 2016

ප්‍රංශ නාවික හමුදා අකොනිට් නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
 

දින 7 ක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවේ අකොනිට් නෞකාවේ ආගන්තුක සත්කාර පිළිබිඹු කරමින්, අද (29) දහවල් උණුසුම් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.

29 Apr 2016

ප්‍රංශ නාවික හමුදාවේ “අකොනිට්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
 

ප්‍රංශ නාවික හමුදාවේ “අකොනිට්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (29) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.

29 Apr 2016