වැදගත් සිදුවීම්

නාවික හමුදාපතිතුමා සටනේදී මියගිය රණවිරුවන්ට සිය ආචාරය පුද කරයි
 

30 වසරක කුරිරු යුද්ධය නිමා කර වසර 7 ක් සපිරෙන අද (18) දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැලිසර නාවික හමුදා රණවිරු ස්මාරකය අභියසදී ඊට පුෂ්පෝහාර දක්වන ලදී.

18 May 2016

අයහපත් කාළගුණයෙන් පීඩා විඳි ජනතාවට නාවික හමුදාවේ සහාය
 

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක් ගංවතුර හා නාය යෑමේ අවධානයට ලක් වී ඇත.

17 May 2016

නාවික හමුදාව ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාවය දිනා ගනියි
 

2016 මැයි මස 11 වන දින සිට 13 වන දින දක්වා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී පත්වන ලද දෙවන ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලියේ අවසන් වටයෙන් ගුවන් හමුදා කණ්ඩායම අභිබවමින් සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය.

16 May 2016

ජල ගැල්මෙන් පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට නාවික හමුදාව කටයුතු කෙරේ
 

මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නය වෙත ජලය ගලා ඒමට පටන්ගෙන ඇත.

16 May 2016

මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හි නාවික සහ වෙරළාරක්ෂක නිලධාරීන් හට නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්
 

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හි නාවික සහ වෙරළාරක්ෂක බලකා නිලධාරීන් හට විශේෂ පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

14 May 2016

ශ්‍රී ලංකාවේ පකිස්තාන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ශ්‍රී ලංකාවේ පකිස්තාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා අද දින (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

13 May 2016

මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 58ක් සමග ලාංකික පුද්ගලයින් හය දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව්, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් විනයසෝදි හා කල්මුණේ තුඩුව (‍‘K’ Point) අතර මුහුදු තීරයේ බලපත්‍ර රහිතව අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු සමග මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 58ක් (ප්‍රමාණය අඟල් 6ට අඩු) මැයි මස 11 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

13 May 2016

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර කලාපීය යුදෝපායන් සහ ප්‍රතිපත්ති සම්පාදන ඒකකයේ අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර කලාපීය යුදෝපායන් සහ ප්‍රතිපත්ති සම්පාදන ඒකකයේ අධ්‍යක්ෂක, මේජර් ජෙනරාල් ස්ටීවන් ආර්. රඩර් මහතා අද (12) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

12 May 2016

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතව සිටි ධිවරයින් දස දෙනෙකු අවස්ථා දෙකක දී අත්අඩංගුවට ගැනීමට නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් ඊයේ (11) සමත් විය.

12 May 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) මුල්ලිකුලම් සහ කල්ලාරු අතර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් (තංගුස්) භාවිතා කරමින් නීතිවිරෝධී ‍ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා එ් සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

11 May 2016