වැදගත් සිදුවීම්

ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා ඒකාබද්ධව සෞඛ්‍ය කදවුරු පවත්වයි

පසුගිය 20 වන දින සිට අද (22) දින දක්වා ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහයක නාවිකයන් විසින් විසින් බියගම, වැල්ලම්පිටිය, මල්වාන, මාපිටිගම, ඔරුගොඩවත්ත, කඩුවෙල සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශයන්හිදී සෞඛ්‍ය කදවුරු රාශියක් පවත්වන ලදී.

22 May 2016

අමාත්‍ය සාගල රත්නායක මහතා නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකවක

නීතිය හා සාමය පිළිබඳ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (22) නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

22 May 2016

ගංවතුරින් විපතට පත් ජනතා‍වට සහන සැළසීමට ඩයලොග් ආයතනය නාවික හමුදාව සමග අත්වැල් බැදගනී

ගංවතුරින් විපතට පත් ජනතාව මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ නාවික කුඩා යාත්‍රා කණ්ඩායම් කාර්යක්ෂමව නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ සිට මෙහෙයවීමට ඩයලොග් ආයතනය විසින් G.P.S තාක්ෂණය යොදා ගනිමින් සජීවීව නිරීක්ෂණය සහ සන්නිවේදනය කළ හැකි දත්ත හුවමාරු පද්ධතියක් නොමිලේ ස්ථාපනය කිරීමට කටයුතු කරන ලදී.

22 May 2016

ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහණ සැළසීම සඳහා ඉන්දීය නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය ආධාර රැගත් ඉන්දියානු නාවික හමුදාවට අයත් සට්ලේජ් සහ සුනයිනා වන නෞකාවන් දෙක අද (21) කොළඹ වරායට සේන්දු විය.

22 May 2016

ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවෙන් උපකාර
 

පසුගිය දින කීපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අද (21) සවස වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 22,675 දෙනෙකුගේ ජීවිත බේරා ගෙන ආරක්ෂිත ස්ථානයන් කරා ප්‍රවාහනය කර ඇති අතර, පුද්ගලයන් 106,520 දෙනෙකු සඳහා පිසූ ආහාර සහ පානීය ජල බෝතල් බෙදා දීමට ද කටයුතු කර ඇත.

21 May 2016

ආරක්ෂක ලේකම්තුමා නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක
 

ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (20) නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විණි.

21 May 2016

ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවේ සහාය
 

දිගින් දිගටම බලපා ඇති අයහපත් කාළගුණය හේතුකොටගෙන මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් ද ගංවතුරෙන් පීඩාවට පත් වී ඇත.

19 May 2016

බත්තලංගුන්ඩුව දුපතේ වසා දමා තිබූ පාසල යලි විවෘත කිරීමට නාවික හමුදා සහය
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටිය ප්‍රදේශයේ පිහිටි බත්තලංගුන්ඩුව දුපතේ අතහැර දමා තිබූ රජයේ පාසලක් නැවත් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගය ලබා දී ඇත.

19 May 2016

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව තවදුරටත් සහාය වෙයි
 

පසුගිය දින කීපය තුළ දිවයිනට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ගංවතුර හා නාය යෑ‍ම් මගින් පීඩාවට පත්විය.

19 May 2016

රණවිරුවන් සිහි කිරීමේ ජාතික උත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි
 

දශක තුනකට අධික කාලයක් පුරා රුදුරු ත්‍රස්තවාදයෙන් වෙළා සිටි මාතෘ භූමිය ත්‍රස්තවාදීන්ගෙන් මුදවා‍ගෙන මැයි මස 18 වන දිනට වසර 7 ක් සපිරේ.

19 May 2016