වැදගත් සිදුවීම්

ජපන් - ශ්‍රී ලංකා සමුද්‍රීය සහයෝගීතාවය: ජපාන, යෙන් බිලියන 1.8 ක අයෝජනයක් තුලින් සමුද්‍රීය ආරක්ෂක හැකියාව වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ

පසුගිය දින ජපානයේ නගෝයා හිදී අවසන් වූ ද්විපාර්ශ්වික සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය අතිගරු ශින්ෂෝ අබේ මැතිතුමා විසින් සිදු කරන ලද සාකච්ඡා අතරතුරදී නීතිමය පාලනයකට නතුව නාවික කටයුතු පවත්වාගෙන යාම සහ ඈත මුහුදේ උපද්‍රවයකින් තොරව නාවික කටයුතු පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබදව අවධාරණය කෙරිණි.

29 May 2016

මෙරට පුහුණුව ලැබූ මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හි නාවික සහ වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පළමු කාණ්ඩායම විසිර යයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හි නාවික සහ වෙරළාරක්ෂක බලකා නිලධාරීන් හට විශේෂ පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

27 May 2016

විපතට පත්වූවන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සදහා තවදුරටත් නාවික හමුදාවේ සහාය
 

ගංවතුරින් විපතට පත් ජනතාව අවතැන් කඳවුරු වලින් ඉවත් වී නැවත තම නිවාසයන් කරා පැමිණෙමින් පවතින අතර, ‍මේ වන විට ඔවුහු සිය ජීවීතය සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කරමින් සිටීති.

27 May 2016

ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරාගැනීමට කැපවූ නාවික විරුවන් සහ සිවිල් පුද්ගලයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට ලක් කෙරේ
 

දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්ත්වය හේතුකොටගෙන පසුගිය දිනවල කැලණි ගං මිටියාවතේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී, පුද්ගලයන් විශාල පිරිසක් අවතැන් විය.

26 May 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව නිලාවේලි ප්‍රදේශයේ, ශ්‍රීලංනානෞ විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (24) එරක්කන්ඩි නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

26 May 2016

නාවික හමුදා බේස්බොල් කණ්ඩායම පුහුණු සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යයි
 

ජපානයේ ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ආරාධනයකට අනුව පසුගිය 18 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම පුහුණු සංචාරයක් සඳහා ජපානය බලා පිටත්විය.

25 May 2016

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

24 May 2016

නාවික හමුදාධිපතිතුමා ඉන්දියානු නෞකාවන් දෙකෙහි සංචාරයක නිරතවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (23), පසුගිය 21 වන දින මෙරටට පැමිණි ඉන්දිය නාවික නෞකා සට්ලේජ් සහ සුනයිනා හි චාරිකාවක නිරත විය.

23 May 2016

ගංගාරම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමට නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි
 

2016 වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික හමුදා සේවා විනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියද වෙසක් කලාපය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා ඊයේ (22) සහභාගී විය.

23 May 2016

කැලණි ගඟට එකතුවන ඇල මාර්ගයන්හි අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාවේ සහාය
 

පසු ගිය දිනවල කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පැවැති ගංවතුර තත්වය හමුවේ ජපන් ජබර වර්ධනය වීමෙන් සහ අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් කැලණි ගඟට එකතුවන ඇල මාර්ග බොහොමයක් අවහිර වී තිබිණි.

23 May 2016