වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (02) සේරුනුවර, උල්කාලි කලපු මෝය අාශ්‍රිත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

03 Jun 2016

මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් හම්බන්තොට වරාය‍ට පැමිණෙයි
 

මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගැඹුරු මුහුදේ මුර සංචාරය කළ හැකි නෞකාවක් වන “සීජීඑස් බැරකුඩා” නෞකාව කල්කටා සිට මුරුසි දූපත් වෙත ගමන් කරමින් සිටින අතර තුර, නෞකාවේ ඉන්ධන හා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අරමුණින් අද (02) වන දින උදෑසන හම්බන්තොට වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

02 Jun 2016

ලෝක වාර්තා තුනක් පිහිට වූ නාවිකයාට නාවික හමුදාධිපතිගෙන් සුභාශිංෂණ
 

පසුගිය 27 වන දින ඉන්දියාවේ ඇසස්ට් ලෝක වාර්තා කම්ටුව විසින් සංවිධානය කරනු ලැබූ සම්මාන උලළේදී සම්මාන ත්‍රිත්වයකට එකවර හිමිකම් කියූ හා එම අවස්ථාව නියෝජනය කළ එකම ශ්‍රී ලංකිකයා බවට පත්වීමට නාවික හමුදාවේ නායක නැවි සනත් බංඩාර ක්‍රීඩකයාට හැකිවිය.

02 Jun 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ.
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අළුයම (02) අත්අඩංගුවට ගන්නා ලදී.

02 Jun 2016

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා 2016 ජූනි මස 01 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ ආරම්භ කරන්නට යෙදුන අතර, එම තනතුර සඳහා වූ රාජකාරීන් ඇතුලත් ලේඛනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඔහු වෙත භාර දෙන ලදී.

01 Jun 2016

ටැන්සානියා ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ‍ෆෙස්ටො උලෝමී මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ටැන්සානියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (1) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

01 Jun 2016

නුවර වැවේ ක්‍රියා විරහිත වූ සොරොව්ව පිළිසකර කිරීමට නාවික හමුදාව කටයුතු කෙරේ
 

අනුරාධපුර, නුවර වැවේ ප්‍රධාන සොරොව්වේ එක් දොරටුවක් ක්‍රියා විරහිත තත්ත්වය පත්වීම හේතුවෙන් එය නැවත පිළිසකර කිරීමේ කටයුතු පසුගිය 29 වන දින තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් විසින් ආරම්භ කරන ලදී.

31 May 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තලෙයිමන්නනාරමට වයඔ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගන්නා ලදී.

31 May 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 29 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අයත් ඔලුවිල් නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) පී 225 සහ පී 143 වේග ප්‍රහාරක යාත්‍රාවන්ගේ ද සහාය ඇතිව කල්මුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

30 May 2016

ජල ගැල්මට ලක්වූ ප්‍රදේශ සිතියම්ගත කිරීමේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග මිනින්දෝරු දෙපාර්තමේන්තුව අත්වැල් බැදගනී
 

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වයන්ට ගොදුරු වූ ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල තොරතුරු රැස් කිරීම සහ එම ප්‍රදේශයන් සිතියම්ගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවේ සහාය අපේක්ෂා කෙරිණි.

30 May 2016