වැදගත් සිදුවීම්

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ 03 වන පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ තෙවන (03) ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන දේශිය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, 2024 ඔක්තෝබර් මස 23 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

24 Oct 2024

උතුරු නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණෙන් ප්‍රතිසංස්කරණය කරන ලද පිහාටු පන්දු ක්‍රීඩාංගනය සහ නවීකරණය කරන ලද ප්‍රධාන මුළුතැන්ගෙය උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 22 දින විවෘත කෙරිණි.

24 Oct 2024

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් සඳහා ආපදා සහන පුහුණු වැඩසටහනක් ගඟේවාඩිය නාවික හමුදා ආපදා කළමණාකරණ සහ ජීවිතාරක්‍ෂක පුහුණු පාසලේදී

නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ මෙහෙයවීමෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ රජයේ නිලධාරීන් වෙත පුහුණූ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 21 වන දින ආරම්භ කෙරිණි.

23 Oct 2024

දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමය විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පොපි මලක් පැළඳවීම අද දින (2024 ඔක්තෝබර් 23) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

23 Oct 2024

බෝ නොවන රෝග වලක්වා ගැනීම සඳහා නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් නාවික හමුදා මුලස්ථානයේදී

නාවික හමුදා පුද්ගලයින් බෝ නොවන රෝගයන්ට ගොදුරු විම වැලැක්වීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් සම්බන්ධ විශේෂ දේශණයක් විශේෂඥ වෛද්‍ය රියර් අද්මිරාල් ගෝඨාභය රණසිංහ විසින් 2024 ඔක්තෝබර් මස 16 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

23 Oct 2024

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාවට අයත් නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාවට (Defence and strategic studies course - Australian) අයත් ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Colonel Lara Terese Troy ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් අද දින (2024 ඔක්තෝබර් 22) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම නිලධාරින් පිරිස නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමට කටයුතු කෙරිණි.

22 Oct 2024

නාවික හමුදාව මඟින් මිනුවන්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයන්හි ස්ථාපනය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය (01) 2024 ඔක්තෝබර් මස 21 වන දින ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ඉන්ද්‍රානි මල්වැන්න මහත්මිය සහ වැඩබලන කළමණාකරු (නාවික සමාජීය මෙහෙවර) ව්‍යාපෘති විසින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කෙරිණි.

21 Oct 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ඔක්තෝබර් මස 19 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ඔක්තෝබර් 21) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

21 Oct 2024

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 19 සහ 20 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ සමඟ එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

21 Oct 2024

නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිරිනමයි

නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත ප්‍රථම වතාවට උපහාර පිදීමේ උළෙලක්, 2024 ඔක්තෝබර් මස 19 වන දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සාර්ථකව පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරි, කපිතාන් අතුල ජයවීරගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

20 Oct 2024