වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22) සවුත්බාර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

23 Jul 2016

පොලිස්පතිතුමා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

22 Jul 2016

අසාධ්‍ය රෝගීයෙකු බේරා ගැනීම සඳහා නාවික හමුදාව සහාය වෙයි
 

ශ්‍රී ලංකාවට අයත් දකුණු දිග ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදී සිටි සුබෝධා III නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු රෝහල කරා රැගෙන යාම සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව ඊයේ (19) කටයුතු කර ඇත.

20 Jul 2016

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) මන්ඩතිව් මුහුදු තී‍රයේ බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

20 Jul 2016

කුමන ජාතික වනෝද්‍යානය අවට පිරිසිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි
 

ගිණිකොන නාවික විධානය භාර ආඥාපති කොමදෝරු සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (18) ඔකඳ සිට කුඹුක්කන්ඔය දක්වා කුමන ජාතික වනෝද්‍යානය ආවරණය වන පරිදි කිලෝමීටර් 23 ක භූමි ප්‍රදේශයක් පිරිසිදු කිරීමේ කර්තව්‍යයක නිරත විය.

19 Jul 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් නච්චිකුඩාහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (18) මුඩ්ඩලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

19 Jul 2016

ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලියේ ජයග්‍රහනය නාවික හමුදාව සතු වෙයි
 

2016 ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 16 වන දින කුච්චවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට ආසන්න වෙරළ තීරයේදී පැවැත්විණි.

18 Jul 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) කොන්ඩම්පිඩ්ඩි තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jul 2016

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) මන්ඩතිව් හා කල්මුණේ තුඩුව මුහුදු තී‍රය අතර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

15 Jul 2016

නාවික හමුදාධිපති එක්සත් ජනපද ශාන්තිකර නාවික බලකා අණදෙන නිලධාරී හා ඇමරිකානු මැරීන් බලකායේ අණදෙන නිලධාරී සහ ඇමරිකානු ශාන්තිකර මැරීන් දියත් බලකායේ ආඥාපති මුණ ගැසෙයි
 

මේ දිනවල ඇමරිකාවේ නිළ සංචාරයක යෙදී සිටින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ඇමරිකානු ශාන්තිකර නාවික බලකායේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්කොට් එච් ස්විෆ්ට් මහතා සහ ඇමරිකානු මැරීන් බලකායේ අණදෙන නිලධාරී සහ ඇමරිකානු ශාන්තිකර නාවික බලකායේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ජෝන් ඒ ටූලන් මහතා මුණ ගැසීම ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාහි දී පැවැත් වූ 2016 ශාන්තිකර කළාපයේ භූජල තරණ නායකයන්ගේ සමුළුවේදී සිදු විය.

15 Jul 2016