වැදගත් සිදුවීම්

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාව සහාය වෙයි
 

ඉන්දියානු රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් 77 දෙනෙකු නිදහස් කර ඉන්දීය රජය වෙත භාරදීම අද (28) ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය ඇතිව සිදු කෙරිණි.

28 Jul 2016

රුසියානු නාවික හමුදා "ඉගෝර් බෙලොසෝව්" නෞකාවේ අණදෙන නිලධාරී සහ නෞකා බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ඉගෝර් බෙලොසෝව් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඇලෙස්කි ඒ.නේහුඩ්සෙව් මහතා සහ නෞකා බලඝණ‍යේ අණදෙන නිලධාරී කපිතාන් මැක්සිම් එස්.අලලිකින් මහතා අද (27) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

27 Jul 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහාය වෙයි
 

කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 සමග පුද්ගලයන් සිව් දෙනෙකු ස්ථාන 3 කදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (26) සමත් විය.

27 Jul 2016

රුසියානු නාවික හමුදාවේ "ඉගෝර් බෙලොසෝව්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

රුසීයානු නාවික හමුදාවට අයත් සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ නෞකාවක් වන ඉගෝර් බෙලොසෝව් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

27 Jul 2016

ඇමරිකානු නාවික හමුදාවේ නිව් ඔර්ලීන්ස් නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රීඩා තරාගාවලියක් කොළඹදී
 

සුහද සංචාරයක් සඳහා පසුගිය 24 වන දින දිවයිනට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් එක්ව ඊයේ (25) සහ අද (26) වැලිසර නාවික හමුදා ක්‍රීඩාපිටියේදී සුහද ක්‍රීඩා තරඟ කීපයක් පවත්වන ලදී.

26 Jul 2016

ජපන් නාවික හමුදා “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (24) කොළඹ වරායට සේන්දු විය.

25 Jul 2016

ඇමරිකානු නාවික හමුදාවේ "නිව් ඔර්ලීන්ස්" යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (24) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

24 Jul 2016

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව කොළඹ වරායට පැමිණේ
 

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව අද (24) සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

24 Jul 2016

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ වරායට සේන්දු විය.

24 Jul 2016

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 156 ක් ‍නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා‍ ථේරපුත්ත ආයතනයේ රේඩාර් මැදිරියේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සැක කටයුතු යාත්‍රාවක් නිරීක්ෂණයට ලක් කර ඇත.

23 Jul 2016