වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (5) සාම්පූර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

05 Aug 2016

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සංගමය මගින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) ඩීඒ විජේගුණවර්ධන මහතා විසින් අද (4) දින නාවික හමුදා මූලස්ථානයේදී සමස්ථ නාවික හමුදාව වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පළමු පොපි මල පිළිගන්වන ලදී.

04 Aug 2016

නාවික හමුදාව SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ ශූරතාවය දිනාගනියි
 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධානය කරන ලද SLT ස්පීඩ් අපි පා පැදි සවාරියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවේ සාමාන්‍ය නාවික දර්ශන ප්‍රසාද් සමත් විය.

03 Aug 2016

නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා අද (3) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Aug 2016

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2015 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (3) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

03 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (2) කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

02 Aug 2016

සේවා වනිතා ඒකකය මගින් ආබාධිත වූ හා තුවාළ ලැබූ නාවික පුද්ගලයන් වෙනුවෙන් නිවාඩු නිකේතන 2 ක් විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සටනේදී තුවාළ ලැබූ හා ආබාධිත වූ නිලධාරීන් සහ නාවිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් දියතලාව ප්‍රදේශයේ නිවාඩු නිකේතන 2 ක් ස්ථාපිත කරන ලදී.

01 Aug 2016

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ නිලධාරීන් පිරිසක් අධිකාරියට පත් කෙරේ
 

2016 පළමු වන ඉදුරාම බඳවා ගැනිමට අයත් නිලධාරීන් 12 දෙනෙකු සහ සේවා ප්‍රවේශ නිලධාරීන් 5 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (30) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදී.

30 Jul 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි හි පිහිටි, නාවික ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) අයියකච්චි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

30 Jul 2016

නාවික හමුදාධිපතිතුමන් විසින් තලාවේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් තලාව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා තලාව මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) විවෘත කිරීමේ උත්සවය අද (29) එම විද්‍යාලභූමියේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

29 Jul 2016